13 December 2016

ලංකාවේ ලොකුම නත්තල් ගහ

ලංකාවේ ලොකුම නත්තල් ගහක් හදන්න යනවා කියලා පහුගිය දවස් ටිකේම කතා උනා. ඊට පස්සේ කාදිනල් තුමා මැදිහත් වෙලා ඒ නත්තල් ගහ හදන වැඩේ නතර උනා. ඒ සල්ලි දුප්පතුන් අතරේ බෙදා දෙන්නයි කියලා.

නමුත් සමහරු නම් මේකට කැමති උනේ නෑ.

ඒ අය කිව්වේ මේ නත්තල් ගහ නිසා ඒක බලන්න එන අයට කඩල විකුණන අයිස් ක්‍රීම් විකුණන මිනිස්සුන්ට එයාලගේ ආදායම් මාර්ගය අහිමි වෙනවලු. ඒ වගේම ත්‍රීවිල් මල්ලිලාගේ ආදායමටත් තට්ටු වෙනවලු. ඔය වගේ නානාප්‍රකාර දේවල් පහුගිය දවස් ටිකේම ඇහුනා.

ඔන්න මේ ළඟදි බස් එකේ ගෝල්ෆේස් පාරෙන් යනකොට තමා දැක්කේ ආයේ නත්තල් ගහ හදනවයි කියලා.

පස්සේ පස්සේ බලනකොට තමා දනගත්තේ අගමැතිතුමා මැදිහත් වෙලා කාදිනල් තුමාගෙන් අවසර අරගෙන කියලා... අනේ කාලේ වනේ වාසේ.. !

මේක බාගෙට හදලා ඉවර උනාට පස්සේ නැතුව කලින් කිව්වා නම් සල්ලි වියදම්  වෙන්නේ නැතුව වැඩේ නවත්ත ගන්න තිබ්බා. අනික වැඩේ බාගෙට කරගෙන එනකොට නවත්තනවට වඩා හොඳයි ඉතුරු ටිකත් හදලා ඉවර කරන එක !

අනේ මන්දා.... !

1 comment:

  1. මුන් ඔක්කොටම පිස්සු හලෝ. නියම ජෝකර්ලා සෙට් එකක්. මගේ කාඩ් පැක් එකේ හිටිය දෙන්නත් කාදිනල්ව හම්බවෙන්න ගිහිල්ලා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.