Tuesday, December 13, 2016

එම සිදුවීම වාසනාවන්තද? අවාසනාවන්තද?

ගොඩ්වින් සමරරත්න මහතා ගැන මම කළින් ලිපියකින් සඳහන් කළා.
එතුමා මෙම චීන බෞද්ධ කතාව භාවනා වැඩසටහනකදී කියන ලද්දකි.
සමහරවිට වෙනත් තැනකදී ඔබ අසා ඇත. නමුත් ජීවිතයට ගතහැකි අරුතක් නම් අනිවාර්යයෙන්ම ඇති. 

එක්තරා ගමක නුවණැති මහල්ලෙක් සිටියා. ඔහු සතුව අශ්වයන් කීපදෙනකු සිටියා.
එක දවසක් බලන කොට ඔහුගේ එක ලස්සන අශ්වයෙක් නැතිවෙලා .
පැනලා ගිහින්.  දැන් මුලු ගමම ඔහු වෙත පැමිණ මෙහෙම කියනවා.
" ඔබ සතුව සිටි හොඳම අශ්වයා නැතිවෙලා. ඔබ බොහොම අවාසනාවන්තයෙක්.  ඒක වුණේ ඔබේ කරුමෙට වෙන්න ඕනේ."  

එහෙම කියන කොට මේ වයසක මිනිසා කියනවා " සිද්ධවෙලා තියෙන්නේ අශ්වයා පැනලා ගිය එක විතරයි.
 ඔබ මේ කියන්නේ අදහසක්. වෙච්ච දේ ගැන ඔබේ විනිශ්චය.   මගේ අශ්වයා පැනලා ගිහින්. එච්චරයි. ඒකට ඍණ ලකුණු දෙන්න අවශ්‍ය නෑ."

ටික දවසකට පස්සේ අශ්වයා තවත් ලස්සන අශ්වයෙක් එක්ක ආපහු එනවා.
දැන් ගමම ආපහු ඔහුට මෙහෙම කියනවා " ඔබ පුදුම වාසනාවන්තයෙක්. නැතිවුණ අශ්වයා වෙනුවට දැන් ඔබට දෙන්නෙක්ම ඉන්නවා."
එතකොට ගැමියා කියනවා " ඕක නවත්තාගන්න. මට දැන් අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. එච්චරයි .ඒකට ධන ලකුණු දෙන්න ඕනේ නෑ. "
ඔහුගේ පුතා අශ්වයා පුරුදු කරන්න ගිහින් ඇද වැටිලා කකුල කඩාගෙන සදාකලික කොරෙක් වෙනවා.
නැවතත් ගමේම අය ඔහුට කියනවා "  ඔබ බොහොම අවාසනාවන්තයෙක්. ඒකනම් අසුබ නිමිත්තක්"
ඔහුගේ උත්තරය කළින් විදියමයි.
ටික කලකට පස්සේ දරුණු යුද්ධයක් එනවා. ගමේම තරුණයන්ව යුද්ධයට බඳවා ගන්නවා අර තරුණයාව හැර- ඒ ඔහු ආබාධිත නිසා.
යුද්ධය දරුණුවෙනවා. බොහොමයක් දෙනාට නැවත එන්න වාසනාව නැති වෙනවා.

සිදුවන දේ එන විදියට බාර ගන්න. අර වයසක මිනිසාට තිබුණේ නෑ සිදුවිය යුතු හෝ සිදු නොවිය යුතු දේ ගැන ප්‍රශ්නයක්. 
ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
සිදුවන දේ එලෙසම සිදුවේවි. ඔබ ඒ දෙස බලන විදිය වෙනස් කරගන්න. සතුට සැම විටම ඔබ සතුවේවි.

2 comments:

  1. වෙන දෙයක් වෙච්චා වෙ කියල ජීවත්වෙන එක හරි පහසුයි

    ReplyDelete
  2. ඕන එකක් වුනාවෙ කියල ජීවත් වෙනවා.

    ReplyDelete