Monday, December 12, 2016

There Is/Are… - මොකක්ද මේ?




 කලින් සඳහන් නොවූ හෝ නොදන්නා කෙනෙක්/දෙයක් පිළිබඳව ඉන්නවා/තියෙනවා/පවතිනවා වැනි අර්ථ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ there is/are…’ රටාවටයි.

There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.

There are some people in the room. කාමරේ කව්ද කට්ටියක් ඉන්නවා.


කලින් සඳහන් වූ හෝ දන්නා දෙයක්/කෙනෙක් පිළිබඳව නම් මේ රටාව යෙදෙන්නේ එය පෙන්වීමේදී හෝ එහි අදාළත්වය / එය ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දීමේදී වැනි අවස්ථාවලයි; කලින් සඳහන් වූ හෝ දන්නා දෙයක්/කෙනෙක් හුදෙක් ඉන්නවා/තියෙනවා/පවතිනවා කියවෙන විට මේ රටාව යෙදෙන්නේ නැහැ.

Theres Nimal. අන්න ඉන්නව නිමල්.

Theres the shop I told you about. අන්න තියනව මම ඔයාට කිව්ව කඩේ.

If you want to send an email, theres the computer in that room. ඔයාට ඊමේල් එකක් යවන්න ඕනැ නම් අර කාමරේ තියන කම්පියුටර් එක තියෙන්නේ (අර කාමරේ තියන කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන්).

There are the tech guys here with us; why cant they repair it? මෙතන අපිත් එක්ක ඉන්න ටෙක් පොරවල් (තාක්ෂණ දැනුම ඇති අය) ටික ඉන්නේ; ඇයි ඒ අයට ඒක හදන්න බැරි?

The computer is in that room. කම්පියුටර් එක තියෙන්නේ අර කාමරේ. / කම්පියුටර් එක අර කාමරේ තියනවා.

The tech guys are here with us. ටෙක් පොරවල් ටික ඉන්නේ මෙතන අපිත් එක්ක. / ටෙක් පොරවල් ටික මෙතන අපිත් එක්ක ඉන්නවා.

අතීත කාලය සඳහා there was/were…’, අනාගත කාලයට there will be…’ ආදී වශයෙන් මෙම රටාව භාවිතා වෙනවා.

There was a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තිබුනා.

There were some people in the room. කාමරේ කව්ද කට්ටියක් හිටියා.

There will be a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියේවි.

There will be some people in the room. කාමරේ කවුරු හරි කට්ටියක් ඉඳීවි.

කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තියනවා හෝ ඉන්නවා වැනි අර්ථවලදී නම් යෙදෙන්නේ have ක්‍රියා පදයයි. මෙය පහත ඇති ආකාරයට භාවිතා වෙනවා.

He / She / It / The boy / Sunil...  has

I / We / You / They / The boys / Sunil and Mala... have

මෙය අතීත කාලයට සැම විටම ‘had’ ලෙසත්, අනාගත කාලයට සැම විටම ‘will have’ ලෙසත් යෙදෙනවා.


I have a brother. මට සහෝදරයෙක් ඉන්නවා.

He has two bicycles. එයාට බයිසිකල් දෙකක් තියනවා.



The IT department has the best computers. හොඳම කම්පියුටර් තියෙන්නේ තොරතුරු තාක්ෂණ අංශයට.

I have enough money with me. මා ළඟ ඇති වෙන්න සල්ලි තියනවා.

We had lots of problems. අපට ප්‍රශ්න ගොඩක් තිබුනා.

You will have some friends there. එහෙ ඔයාට යාලුවෝ ටිකක් ඉඳීවි.  


කෙනෙකුට / කෙනෙක් ළඟ / කෙනෙක් සතුව තියනවා වැනි අර්ථවලදී මිස, හුදෙක් තියනවා (පවතිනවා) යන්නට have පදය නම් කොහෙත්ම යෙදෙන්නේ නැහැ.

There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.

The computer is in the room. කම්පියුටර් එක කාමරේ තියනවා. / කම්පියුටර් එක තියෙන්නේ කාමරේ.

I have a computer in the room. මට කාමරේ කම්පියුටර් එකක් තියනවා.


There is a computer technician in that division. ඒ අංශයේ කම්පියුටර් කාර්මිකයෙක් ඉන්නවා.

The computer technician is in that division. කම්පියුටර් කාර්මිකයා ඒ අංශයේ ඉන්නවා. / කම්පියුටර් කාර්මිකයා ඉන්නේ ඒ අංශයේ.

We have a computer technician is in that division. අපට ඒ අංශයේ කම්පියුටර් කාර්මිකයෙක් ඉන්නවා.



ඉහත සාමාන්‍ය ක්‍රියා පදයක් ලෙස යෙදී ඇති have පදය වෙනත් ක්‍රියා පද සමග උපකාරක ක්‍රියා පදයක් ලෙස යෙදෙන ආකාර You Have Always Liked It? – එහෙනම් තවමත් එහෙමයි”, “The Prices Have Gone Up – අතීතයේ තවත් පැත්තක් ආදී ලිපිවල දැක්වෙනවා. 

(Image credit: adactio)

2 comments:

  1. දිගින් දිගටම ලියන්න ඔබතුමාගෙ ලිපි සෑහෙන වැදගත් ඒ වගේම වටහගන්නත් හරිම පහසුයි.

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීම සතුටක්. අළුතින් ලිපි එකතු නොවුණත් පහුගිය කාලෙත් පරණ ලිපිවලට ගොඩක් කරුණු එකතු කළා. මා පවත්වන පෞද්ගලික පංතිවල මතු වෙන අවශ්‍යතාත් පදනම් කරගෙන මෙම ලිපි විශාල සංඛ්‍යාවකට අමතර පැහැදිලි කිරීම් එකතු කරලා තියනවා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails