රූපවාහිනී අභියෝග ශූරතා තරඟ 11 වැනිදා

883
Rupavahini volleyballRupavahini volleyballRupavahini volleyballRupavahini volleyballRupavahini volleyballRupavahini volleyballRupavahini volleyballRupavahini volleyball

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා එක්ව සංවිධානය කරනු ලැබූ “රූපවාහිනී අභියෝගතා කුසලාන” වොලිබෝල් තරඟාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරඟ එළඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

රන් කුසලානයේ හිමිකාරීත්වය කටාන ඒකාබද්ධට සහ කොස්වාඩිය විජයට

ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරඟාවලියේ පිරිමි සහ කාන්තා විවෘත අංශයේ අවසන් මහා තරඟ අද (7) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත…

ජාතික ක්‍රීඩාව වශයෙන් වොලිබෝල් ක්‍රීඩාව නම්කර ඇති ලොව එකම රට වන ශ්‍රී ලංකාව වසර 100ක වොලිබෝල් ඉතිහාසය සමරන මේ වසරේදී පැවැත්වෙන අවසන් ජාතික වොලිබෝල් තරඟාවලිය වන්නේද මෙයයි.

සුපර් ලීග් කණ්ඩායම් සහ ආධුනික කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් පැවති තරඟාවලියේ පිරිමි ආධුනික අංශයෙන්, රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් සහ මොරගල්ල යෞවන සමාජ කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලද අතර එම තරඟය 11 වැනිදා පැවැත්වේ. කාන්තා ආධුනික අංශයේ අවසන් තරඟයෙන් ජය ලබාගැනීමට සමත් වූයේ හම්බන්තොට යොවුන් දිරිය යෞවන සමාජ කණ්ඩායම පරාජය කළ තොඩුවාව යෞවන සමාජ කණ්ඩායමයි.

සුපර් ලීග් අංශය වෙනුවෙන් පිරිමි අවසන් මහා තරඟය වෙත පියමනින්නේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ විදුලි බල මණ්ඩල කණ්ඩායමයි.

සුපර් ලීග් කාන්තා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා කණ්ඩායමත්, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායමත් අතර පැවැත්වේ.

එළඹෙන 11 වැනිදා පෙ.ව. 9.30ට මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ආධුනික අංශයේ අවසන් මහා තරඟයෙන් දිනයේ අවසන් තරඟ කිහිපය ආරම්භ වේ.

සීදූව දවිසමර සහ කැෂුවල් ලයින් 22න් පහල ශූරතාවයන් දිනා ගනී

ඩයලොග් ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ…

සුපර් ලීග් අංශයේ ශූරතාවයන් සඳහා රු.100,000ක මුදලක්ද, අනුශූරතාවය සඳහා රු.75,000ක මුදලක්ද, තෙවන ස්ථානය සඳහා රු.50,000ක මුදලක්ද පිරිනැමේ. ආධුනික අංශය සඳහා පිළිවෙලින් රු.50,000ක් ද රු.30,000ක් ද රු.20,000ක් ද යන වශයෙන් පිරිනැමෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට