December 9, 2016

මත්ස්‍ය ලෝකයේ පිය සෙනෙස

ලෝකයේ පරිණාමය සමග එක් සත්ව වර්ගයක් ලෙස අපගේ මිහිමඩලේ මත්ස්‍යයින් බිහි වී ඇත. ඒ මත්ස්‍යයින් කරදිය, මිරිදිය හා කිවුල් දිය ලෙස ජීවත් වන ජලයේ ස්වභාවය අනුව කොටස් තුනකින් යුක්ත වේ. 

නමුත්, මිරිදියේ ජීවත් වන Anabantidae පවුලට අයත් ගුරාමි මත්ස්‍යයින්ට, ෆයිටස් හා තල්කොස්සා වැනි මත්ස්‍යයින්ට ලැබ්රීන් නැමැති අවයවයෙන් වායු ගෝලීය වාතය ස්වසනය කිරීමේ හැකියාව ලැබී ඇත. එබැවින් මොවුන් ලැබ්රීන් මසුන් ලෙස ද හැදින්වේ. 

විශේෂයෙන් මෙහි දී ගුරාමි මසුන් පිළිබද සලකා බලන අතර, ගුරාමි මසුන්ට උෂ්ණත්වය 24C-28C අතර හා ඕනෑම ජලයක ජීවත් වීමේ හැකියාව ඇත. ඉපදී මාස හතරකින් පමණ ලිංගිකව පරිණතවේ. එවිට, ලිංග පරිණක පිරිමි සතුන් සහ ගැහැණු සතුන් එක් වන අතර පිරිමි සතුන්ගේ දේහය හා වරල් දීප්තිමත් පැහැයක් ගන්නා අතර ගැහැණු සතුන්ගේ උදරය විශාල වේ.
පිරිමි සතා විසින් සාදන ලද පෙණ කූඩුවෙහි ගැහැණු සතා විසින් පරිණත බිත්තර මුදා හරින අතර පිරිමි සතා විසින් පිට කරන ශුක්ක්‍රාණු මගින් භාහිර සංසේචනය සිදු වී පෙණ කූඩුවේ තැන් පත් වේ. 

ඒ සමගම, පිරිමි සතා විසින් බිත්තර රැක බලා ගැනීම ද ආරම්භ කරයි. ගැහැණු සතා විසින් බිත්තර කා දැමීම මෙහි දී සිදුවන සාමාන්‍ය දෙයක් වන අතර පිරිමි සතා විසින් බිත්තර රැක ගැනීමට එම ගැහැණු සතා පළවා හැරීම මෙහි දී සිදු වනු දැකිය හැක. 

පිරිමි සතා විසින් රැක බලා ගන්නා පෙණ කූඩුවේ ඇති බිත්තර නියමිත උෂ්ණත්වයේ දින දෙකකින් පමණ පිිපිරී කුඩා පැටවුන් බිහි වේ. 


ඉන් පසුව, කුඩා පැටවුන් සති දෙකක් පමණ පිරිමි සතා විසින් රැක බලා ගන්නා අතර ඉන් පසු පැටවුන් නිදහසේ ආහාර සොයා ගැනීමට හුරු වේ. 

0 comments:

Post a Comment