ශ්‍රී ලංකාව LMS තරඟාවලියේදී මුළු ලොවටම අභියෝග කරයි

461
LMS

“අවසානය තෙක් නොසැලෙන්නා” ( Last Man Standing – LMS ) නමින් 2016 වසර අවසානයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය ජයගත් කණ්ඩායම, එළඹෙන 11 වන ඉරිදා ප.ව. 2.30 පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ලෝක කණ්ඩායමට එරෙහිව සුහද තරඟයක් ක්‍රීඩා කිරීමට නියමිතය.

පසුගිය ලිපි: මැතිව්ස්, චන්දිමාල් සහ චමීර නැවතත් සංචිතයට

දැනට කණ්ඩායම් වටය සඳහා ක්‍රීඩා සමාජ 12ක් කඳාන ද මැසනඩ් ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා කරන අතර ලීග් අවසන් තරඟ එළඹෙන 11වන දා පැවැත්වීමට නියමිතය. අනතුරුව, ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර ඉරිදා උදෑසන පැවැත්වෙන අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබන අතර දේශීය තරඟාවලිය ජයගන්නා කණ්ඩායම සුහද තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි. මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන මාධ්‍ය හමුවක් පසුගිය බදාදා MCA ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ක්‍රිකට් ක්‍රීඩාවට නවමු අත්දැකීමක් ලෙස එක්වූ තරඟාවලිය, පැය දෙකකට ආසන්න කාලයක් තරඟකාරීව ක්‍රීඩා කිරීමට ආධුනික ක්‍රීඩකයන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

ක්‍රීඩකයන් 8 දෙනෙකු සහභාගී වන මෙම විශේෂ T20 ක්‍රීඩා රටාව මුල්වරට හඳුන්වා දෙන ලද්දේ බ්යෝර්න් බ්‍රිග්ස් සහ වේන් ග්‍රීව් නම් ඉංග්‍රීසි ජාතිකයන් විසිනි.

එංගලන්ත ආධුනික ලීගයන්හිදී ජනප්‍රියත්වයට පත්වූ මෙය, ලොව පුරා ආධුනික ක්‍රිකට් කණ්ඩායම් රාශියක් විසින් වැළඳගත් අතර මේ වන විට 2500කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් ක්‍රීඩාවේ යෙදෙයි.

LMS ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව වෙබ් අඩවියක්ද නිර්මාණය කර ඇති අතර එහි ක්‍රීඩකයන්ගේ විස්තර, ලකුණු දත්තයන් සහ ශ්‍රේණිගත කිරීම් ගැන සියළු තොරතුරු සඳහන්ය. මෙමඟින් දේශීය ක්‍රීඩකයන්ට, තම දේශීය දක්ෂතා ලොව පුරා ක්‍රීඩකයන්ගේ දක්ෂතා සමඟ සැසඳීමේ අවස්ථාව ලැබී ඇත. සියළු කණ්ඩායම් ලෝක ශ්‍රේණිගත කිරීමකටද ඇතුලත් වේ.

වර්තමානයේදී ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, බංගලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම LMS ක්‍රීඩාව සඳහා පෙළඹී ඇත. ඇමරිකා එක්සත් ජනපදය ද මේ නවතම ක්‍රීඩාව වැළඳගත් නැගී එන ක්‍රිකට් රාජ්‍යයකි. LMS ලෝක කුසලානය සෑම දෙවසරකටම වරක් පැවැත්වේ.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ක්‍රිකට් ලෝලියකු වන ශැරන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩාව හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වන අතර මාධ්‍ය හමුවේදී ඔහු පැවසූ පරිදි 2021 LMS ලෝක කුසලානය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ බලාපොරොත්තුවක් ඔහුට ඇත.

මං හිතන්නේ මේක ලංකාවට ඉතා හොඳ සංකල්පයක්. ඉදිරියේදී තරඟාවලිය, මහනුවර, ගාල්ල, මීගමුව සහ ගම්පහ යන ප්‍රදේශවල ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා. මං ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඉරිදා පැවැත්වෙන හොඳ තරඟය නරඹන්න එන්න කියලා.” ඔහු පැවසුවේය.

2015 ලෝක කුසලාන තරඟාවලිය කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එය ලොව පුරා සජීව ලෙස විකාශය කෙරිණි. මීළඟ ලෝක කුසලානය 2017දී පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදීය. ඕනෑම රටකට එහි ලියාපදිංචි වී අදාළ තරඟාවලියේ කොටස්කරුවන් විය හැකි අතර  දේශීය සහ ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීම සඳහා අවශ්‍ය බරපැන ලබාදෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට