December 7, 2016

රෙදි සේදුම් කාරක කුඩු හා දියර වර්ගවල අන්තර්ගත රසායනික හා ඒවායේ බලපෑම

විවිධ රසායනික ගුණ හා ප්‍රතිඵල ලබාදීමට හේතු වන රසායනික සංයෝග මිශ්‍රණයකින් සමන්විත රෙදි සේදුම් කාරක කුඩු හා දියර වර්ග (detergents),  බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට යොමු නොවූ එහෙත් නිහඩවම සිට අපටත්, අනාගත පරපුරට මෙන්ම  අපගේ පරිසරයටත් විවිධ හදුනාගත් හා හඳුනා නොගත් අහිතකර තත්වයන්  ගෙන දෙන්නකි.

රෙදි සේදුම් කාරක කුඩු හා දියර වර්ගවල අන්තර්ගත රසායනික හා ඒවායේ බලපෑම :
  • සේදුම් කාරක වර්ග බොහෝමයකම තිබෙන කුණු පැල්ලම් ඉවත් කිරීමට ඉවහල් වන ප්‍රධාන රසායනිකය (Linear alky (benzene or sodium) sulfonates වේ. සමේ අසාත්මිකතා, පළු දැමීම, පිළිකා(දීර්ඝකාලීන  භාවිතයේදී) පවා ඇති විය හැකි බව පර්යේෂකයන් පවසයි.
  • ඇතැම් රෙදි සේදුම් කාරක වර්ගවල විෂ සහිත ෆිනෝල් (phenol) සංයෝග තිබෙන අතර පියයුරු පිළිකා කාරකයක්‌ සහ පරිසරයේදී ජෛව වියෝජනය නොවන (non-biodegradable)  ප්‍රබල රසායනිකයක්‌ වන, ෆිනෝල් එතොසයිලේට්‌ රසායනිකය අඩංගු වී තිබුණු බවද හෙළිවී ඇත.
  • සුලභ විරංජකයක් වන සෝඩියම් හයිපොක්‌ලෝරයිඩ් රසායනිකය, සේදුම් කාරක වර්ගවල තිබෙන ඇතැම් කාබනික රසායනික සංයෝග සමග ප්‍රතික්‍රියා කර (සේදීමේ ක්‍රියාවලිය අතර තුර දී) විෂ සහිත සහ පිළිකාකාරක වන ක්‌ලෝරෝෆෝම්, කාබන් ටෙට්‌රාක්‌ලෝරියඩ් වැනි වාෂ්පශීලී ක්‌ලෝරිනේටඩ් කාබනික සංයෝග (VOCs) සාදන බව රසායනික සංයෝග පිලිබඳ දත්ත වාර්තාවල දැක්වේ.
  • සේදුම්කාරක වර්ගවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහාත්, ලවණ මිශ්‍රිත සහ කිවුල් ජලයේ සේදුම් කාරක හොඳින් දියවීම සඳහාත් පොස්‌ෙෆ්ට්‌ අඩංගු රසායනික සංයෝග භාවිත කරනු ලැබේ. සාමාන්‍යයෙන් මුළු බරෙන් 50% ක්‌ම පොස්‌ෙෆ්ට්‌ වෙයි. මෙම රසායනිකයද සම මත ස්‌පර්ශ වීමෙන් අසාත්මිකතා ඇතිවිය හැකි බව පැවසේ. මෙහි ඇති භයානකම කාරණාව වන්නේ, පොස්‌ෙෆ්ට්‌ ගංගා ඇළ දොළවල් සහ ජලාශවලට එකතු වී ඒවායේ ඇල්ගි ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය කරන්නට හේතු වීමයි. සුපෝෂණය (eutrophication) නමින් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය නිසාවෙන් එම ජලාශවල ඔක්‌සිජන් හීනවීම නිසාවෙන් ජලජ ජීවීන් මිය යැමත්,විෂ රසායනික ද්‍රව්‍යයන් (Algii toxins) සෑදීම නිසාවෙන් ජීවීන්ට සහ මිනිසාට විෂ වීමත් සිදුවේ. පොස්‌ෙෆ්ට්‌ අඩංගු සේදුම් කාරක වර්ග අලෙවි කිරීම ඇතැම් රටවල්වල සපුරා තහනම් කර ඇත.
  • ඇතැම් සේදුම්කාරක වර්ගවල තිබෙන ප්‍රතිදීප්ත වර්ණක (optical brighteners/fluorescent dyes) රසායනික සංයෝගවලින් හිරුඑළියේ තිබෙන අපේ ඇසට නොපෙනෙන පාරජම්බුල කිරණ මිනිස්‌ ඇසට පෙනෙන ආලෝක කිරණයන් බවට පත් කරයි. මේ නිසාවෙන් සේදූ රෙදිවලට වඩාත් බැබලෙන, දිදුලන සුදක්‌ ලැබෙනු ඇත. මෙවැනි වර්ණක ජලජ ජීවීන්ට විෂ සහිත වන බවත්, ඇතැම් බැක්‌ටීරියා වර්ගවල ජාන විකෘති (mutation) ඇතිවන බවත් ප්‍රතිරෝධී ව්‍යාධිජනක බැක්‌ටීරීයා විශේෂ ඇති වන්නටද මෙය ඉවහල් විය හැක. තවද, ඇමරිකානු රජයේ නිල පරිසර ආරක්‍ෂණ ඒජන්සිය (EPA) විසින් Aminotriazine කාණ්‌ඩයේ ප්‍රතිදීප්ත වර්ණක, පිළිකාකාරක ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, මේවා පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බවත් පිළිගෙන තිබේ.
  • ප්‍රභල පිළිකාකාරකයක් වන dioxane සේදුම් කුඩු වර්ග අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමේදී නිපදවෙන අතුරු ඵලයකි. ජෛව වියෝජනයට ප්‍රතිරෝධී ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් සේදුම් අප ජලය, ජල මුලාශ්‍රවලට එක් වීමෙන් හා කවර හෙයකින් හෝ දූෂිත පානීය ජලය භාවිත කරන මිනිසාටද බරපතළ හානියක්‌ අත්කර දිය හැකි බවට විද්‍යාඥයන් බිය පළ කරයි. විශේෂයෙන් වකුගඩුවලට, අක්‌මාවට, මොළයට, හා ස්‌නායු පද්ධතියට හානි විය හැකි බව වැඩිදුරටත් දැක්‌වේ.

සුවිශේෂී විද්‍යානුකුල ක්‍රමවේදයක් අනුව පිරිපහදු කිරීමක් සිදු නොකර, පානීය අවශ්‍යතා සඳහා අප  භාවිතා කරන ජලයේ ගුණාත්මකභාවය හා තත්වය පිළිබඳව ඔබ කුමක් සිතන්නේද?

 දිනපතා රෙදි සේදීමට භාවිතා කල අප-ජලයට සිදු වන්නේ කුමක්දැයි ඔබ මදක් හෝ සිතා බැලුවාද?
මෙවැනි විෂ රසායනිකයන් පසට හෝ ජාල මුලාශ්‍රවලට එක්වීමෙන් සිදු විය හැකි දිගු කාලින ව්‍යසනයන් ගැන ඔබට වැටහුනිද?


ආහාර දාම, ජල චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැනි ස්වභාවික සංසිද්ධීන් ඔස්සේ  සෘජු හා වක්‍රාකාරයෙන් නැවත මිනිසා වෙතම අහිතකර බලපෑම් එල්ල වන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මෙවැනි දේවල් මගින් ය. 
දැනුවත් වී යාවත්කාලින වෙමින් හෙට ලොව සුවදායක කරගනිමු.



අන්තර්ජාලය හා පර්යේෂණ වාර්තා ඇසුරිනි



1 comments:

හොද ලිපියක්

Post a Comment