December 6, 2016

ප්‍රශ්න විසදිමේ කුසලතාවය වයසත් සමග තියුණු වන්නේ මන්ද ?

 

මිනිසුන්ගේ හැසිරිම හා මොළය ස්කෑන් කර ලබා ගත් දත්ත අනුව 1960 සිට 2016 දක්වා නව පර්යේෂකයන් විසින් ප්‍රශ්න 100 කට වඩා ගෙන කර ඇති අධ්‍යනයන්ට අනුව වයස සමග ප්‍රශ්න විසදීමේ හැකියාව වෙනස් ස්වභාවයක් ගන්නා  බව අනාවරණය කර ඇත.

වැඩිහිටියන් වෙත ප්‍රශ්ණ විසදීම සදහා නිර්මාණාමත්ක හැකියාව හා ඉලක්කයක් තිබුණද, ප්‍රශ්න විසදීමේ සහ බාධා මගහැරිමේ ශක්තිය තරුණ පරපුර වෙත ඊට වඩා ඇති බව සොයාගෙන ඇත.නමුත් ප්‍රශ්ණ විසදීමේ නිර්මාණාත්මක හැකියාව වැඩිහිටියන්ගේ කැපි පෙනෙන අවස්ථාද ඇත.කෙසේවුවද මේ සදහා පුළුල් පරාසයක අවධානයක් අවශ්‍ය බව හැෂර් ඇයගේ සමගාමින් විසින් සොයාගෙන ඇත.මතක තබා ගැනීමේ ශක්තිය බැලීම සදහා පර්යේෂකයින් විසින් ඒ සදහා සහභාගිවුවන් වෙත නම සමගින් රූප ලබා දී ඇත. එය සහභාගිවුවන් විසින් අධ්‍යනය කලපසු පර්යේෂකයින් විසින් නිරික්ෂණය කරණ ලද්දේ වයස සමග නම හා රූප මතක තබා ගැනිමේ ශක්තිය අඩුවුවද  තරුණ අයට වඩා වැඩිහිටියන් අදාල රූපයට නම ගලපා තිබු බවයි.තවද 2006 දි Psychology and Aging මගින් ප්‍රසිද්ධ කරණ ලද අධ්‍යනයන්ට අනුව පෙනිගොස් ඇත්තේ වයස 18 සිට 30 දක්වා වු කාණ්ඩයට වඩා වැඩිහිටයන්ගේ හොද අවධානයක් තිබුණු බවයි.සහභාගිවුවන්ගේන් වචන සැලකිල්ලට නෙගන්නා  ලෙස උපදේශකයින් විසින් උපදෙස් දී තිබුනද පර්යේෂකයින් විසින් නිරික්ෂණය කරණ ලද්දේ වැඩිහිටියන්ද තරුණයින් හා සමාන ලෙස මතකයේ තබා ගෙනසිටි බවයි.

මෙම අධ්‍යනයන්ගෙන් පෙනියන්නේ තරුණයින්ට මෙම තොරතුරු පිළිබද ගණන් නොගෙන සිටිම,අවධානය යොමු නොකිරීම හා නැවත මතක් කරගැනිමේ හැකියාව අඩුබවයි.මේ තුලින් පර්යේෂකයින් පෙන්වා දෙන ලද්දේ වැඩිහිටියන්ට පුළුල් පරාසයක අවධානයක් ඇති බවත් වැඩි තොරතුරැ ප්‍රමාණයකත් සමෝධානය හෙවත් එකට එක්කර තබාගතහැකි බවත්  ඒ අනුව කාලානුරූපව පටු පරාසයකින් ඔබ්බට ගොස් නිර්මාණශීලිව ප්‍රශ්ණ විසදිය හැකි බවත්ය.ඉලක්ක ගත කිරිම් හා ගණන් නොගෙනසිටිම ,අවධානය වෙනතකට යොමු කිරිම ආදිය මොලයේ Front Oriental Region (ලලාට ප්‍රදේශය)සමග සම්බන්ධ වී ඇත.වයස සමග මිනිසුන්ගේ මෙම ක්‍රියාවන් අඩුවුවද පර්යේෂකයින් විසින් පෙන්වා දි ඇත්තේ වයසත් සමග පුළුල් පරාසයක් තුල වු බුද්ධිමත්භාවය හා නිර්මාණාත්මක හැකියාව ප්‍රශ්න විසදීමට උදව්වන බවය.

සකස් කළේ :-
ඩී.ආර්.එස්.පි.කේ .බංඩාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
අකුරණ

(Originally published on live science)

0 comments:

Post a Comment