December 6, 2016

දිව බොජුන් ඔසු ගුණයෙන් යුතු ආහාරමය ශාක- තක්කාලි


බො නොවන රෝග වැලැක්වීමේ විශේෂිත හැකියාවක් ඇති ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණය ඇති කාර්ය බද්ධ ආහාරයකි.එළවළුවක් මෙන්ම පළතුරක් ලෙසටද තක්කාලි ව්‍යවහාරයේ හැදින්වේ.තක්කාලි වල ඇසිඩ් ගතිය වැඩියි.සැර වැඩියි.උෂ්ණ ආදි විවිධ මත නිසා තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකි සිටිමට බොහෝදෙනා පුරැදු වි සිටියි.ඉංග්‍රීසි භාෂාවේ Love Apple ලෙසට තක්කාලි හදුන්වයි.
තක්කාලි වල ඇඹුල්  රසය ප්‍රධානයි.එබැවින් පිත් දෝෂය ප්‍රමුකව හට ගන්නා උදරදාහය(අම්ල පිත්ත)දැවිලි සහිත කුෂ්ඨ රෝග ආදි රෝග අවස්ථා වලට හිතකර නොවේ.

තක්කාලි වල ඇඹුල් රසයේ හා රතුපැහැ වර්ණයේ ඉතා විටිනා ඖෂධීය ගුණයක් ඇත.
ü  තක්කාලි සමහර අයකුට කෑ විට පලුමතු විම ,රතු වීම වැනි අසාත්මිකතා පහල කරයි.
ü  ත්කාලි ඇටවලට පිළිකා  ආදි රෝග නැසීමේ ගුණයක් ඇත.එබැවින් ඇටද ආහාරයට ගන්න.

අමු තක්කාලි වල අඩංගු ටොමැටීන් නම් සංයෝගය බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
ü  බෝ නෙවන රෝග වළක්වන ප්‍රතිඔක්ෂිකාරක බහුලයි.
ü  රුධිරගත කොලස්ට්රෝල් පාලනය කරයි.
ü  ලේ කැටි ගැසීම පාලනය කරයි.
ü  රුධිරනාලවල මේද තැන්පත් විම වළක්වයි.
ü  අධික රුධිරපීඩනය පාලනය කරයි.
ü  අස්ථිරෝග දුරලයි.
ü  පිළිකා නාෂක ගුණය ඇත.
ü  ස්නායු හා ශ්වසන රෝග වලට ගුණයි.
ü  අධික තරබාරුව වලකයි.
ü  දියවැඩියාව පාලනය කරයි.
පෝෂණ ගුණය ඉහලින්ම ලබා ගැනීමට තක්කාලි අමුවෙන් සලාද ලෙසට ආහාරයට ගැනීමට පුරුදු වන්න.

විවිධ ආකාරයට ආහාරයට ගත හැක.
ü  තක්කාලි සලාද
ü  තක්කාලි ජෑම්
ü  තක්කාලි යුෂ


අඩංගු පෝෂක පදාර්ථ- තක්කාලි ග්‍රෑම් 100 ක් තුල
§  කැලරි(ශක්ති පදාර්ථ)               20
§  ප්‍රෝටින් ග්‍රෑම්                            0.9
§  කාබොහයිට්රේට් ග්‍රෑම්              3.6
§  මේදය ග්‍රෑම්                               0.2
§  කැල්සියම් මිලි ග්‍රෑම්                  48
§  යකඩ මිලි ග්‍රෑම්                         0.4
§  පොසපරස්  මිලි ග්‍රෑම්                123
§  බීටා කැරොටින් මයි. ග්‍රෑම්         351
§  විටමින් බී1                   120
§  විටමින් බී3 මයි. ග්‍රෑම්    60
§  විටමින් සි මිලි. ග්‍රෑම්      27

රචනය :-
            වෛද්‍ය චුලා විජේරත්න
           
සකස් කලේ :-
                        ඩී.ආර්.එස්.පී.කේ.බංඩාර
                        විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                        අකුරණ

0 comments:

Post a Comment