ගෙවුනු දවස: දෙසැම්බර් 05 – දික්වැල්ල ගෙන ආ ජය

802
Sri Lanka Sports News last day summary December 5th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

දික්වැල්ලගෙන් 183ක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (05) පැවති තරගයෙන් ජය හිමිකර ගන්නට NCC කණ්ඩායම සමත් විය. NCC කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ලකුණු 183ක් රැස්කල නිරෝෂන් දික්වැල්ල මෙම ජයග්‍රහණයේ පෙරගමන්කරුවා බවට පත්විය.

NCC – කඩුලු 9ක් දැවී ලකුණු 443 (පන්දුවාර 84): නිරෝෂන් දික්වැල්ල 183, ෆර්වීස් මහරුෆ් 67, සඳුන් වීරක්කොඩි 64, උපුල් තරංග 61, මලිත් ද සිල්වා 5/83.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 64.4): ආලෝක අමරසිරි 87*, නිපුන් කරුණානායක 30, තරිඳු කෞෂාල් 3/73, ෆර්වීස් මහරූෆ් 2/15, දුෂ්මන්ත චමීර 2/28.

බ්ලූම්ෆීල්ඩ් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 99.1): නිපුන් කරුණානායක 124, ලහිරු ජයකොඩි 89, නිසල් ෆ්‍රැන්සිස්කෝ 36, තිරාන් ධනපාල 31, ෆර්වීස් මහරූෆ් 2/14, තරිඳු කෞෂාල් 4/132.

NCC (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 104 (පන්දුවාර 9.3): සඳුන් වීරක්කොඩි 64*, නිරෝෂන් දික්වැල්ල 26, දිනේෂ් චන්දිමාල් 14*, ඉම්රාන් කාන් 1/32.

සම්පූර්ණ ලිපිය: දික්වැල්ලගේ ශතකය NCC කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙනෙයි


පාපන්දු –

රංජිත් රොද්‍රිගෝට අභියෝග කරන්නේ කවුද?

ලබන වසර මැද භාගයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තු වන බව එම සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය සහ මූල්‍ය කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන රංජිත් රොද්‍රිගෝ මහතා මේ බව අනාවරණ කලේ ශ්‍රී ලංකා පාපන්දු නිවහනේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දීයි.

”අපි උත්සාහ කරනවා, ඒ වගේම අපේ ධනය සහ මහන්සිය ආයෝජනය කරනවා මෙය (ශ්‍රී ලංකා පාපන්දු) ජයග්‍රහණය වෙත ගෙන යන්නට. ජනතාව අහනවා මම ආපහු එනවද කියලා (පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට). ඔව් මම ආපහු එනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් වෙලා තියෙන්නේ, ඉතින් මම ලබන වසරේ පැවැත්වෙන නිලවරණයෙදී සභාපති තනතුර සඳහා තරග වදිනවා” රංජිත් රොද්‍රිගෝ මහතා මෙහිදී පැවසීය.

තමන් මීට පෙර සභාපති තනතුරේ සිටි 2013 – 2015 කාල සීමාවේදී මුහුණ දීමට සිදුවූ අපහසුතා පිළිබඳව විවේචනාත්මකව අදහස් පල කල හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ බාහිරෙන් එල්ලවූ බලපෑම් හමුවේ තමන්ගේ රාජකාරි නිසි අයුරින් කරගෙන යාමට නොලැබුණු බවයි.

සම්පූර්ණ ලිපිය: රංජිත් රොද්‍රිගෝ නැවතත් පාපන්දු මහ පුටුවේ සටනට

දිනයක නිමාව