වරාය අධිකාරියට ඉණිමක ජයක්

477
SLC Premier league tier B

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බලගන්වනු ලබන 2016/17 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ කිහිපයක්ම පසුගිය දා ආරම්භ වූ අතර එම තරඟ වල තෙවන හා අවසන් දිනය අද (04) ක්‍රියාත්මක විය. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරි  කණ්ඩායම ඉණිමක හා ලකුණු 3ක ජයග්‍රහණයක් ලබාගත් අතර කුරුණෑගල තරුණ කණ්ඩායම පළමු ඉණිමේ ජයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: පානදුර ක්‍රීඩකයෝ පොලීසිය ඉණිමකින් පරාජය කරයි

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට නාවික ක්‍රීඩා සමාජයට ආරාධනා කරන ලදි.

කඩුලු 09ක් දැවී ලකුණු 375ක් ලෙස සටහන් වෙද්දී කුරුණෑගල තරුණ ඉණිම අද (04) ආරම්භ වූ අතර, නොදැවී ලකුණු 97*ක් ලබා සිටි හශාන් ප්‍රභාත් 4 පහර 15ක් සමගින් නොදැවී ලකුණු 109*ක් ලබාගනිමින් තම ශතකය සම්පූර්ණ කරගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 389කට සීමාවූ අතර, ඒ වන විට නාවික හමුදා පළමු ඉණිමට වඩා ලකුණු 95ක් ඉදිරියෙන් ඔවුන් පසුවෙන ලදි.

අනතුරුව තම දෙවන ඉණිම ආරම්භ කල නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් අගනා මැදපෙළ සබඳතාවන් කිහිපයක්ම ගොඩනැංවූනු අතර, මදුර මදුසංක 4 පහර 13ක් සමගින් ලකුණු 134ක් ලබාගෙන තම ඉණිම සවිමත් කරද්දී, ඔහු සමඟ එක්ව ඉණිම තවතවත් සවිමත් තැනකට කැඳවාගෙන ආ බුද්ධික හසරංග 4 පහර 9ක් සමගින් ලකුණු 52ක් ලබාගන්නා ලදි. බුද්ධික හසරංග ගේ දැවීයාමට පසුව පිටියට පැමිණි නායක සමීර සඳමාල් 4 පහර 8ක් හා 6 පහර 2ක් සමඟ තරඟය අවසානය වන විට නොදැවී ලකුණු 109*ක්  ලබා සිටියි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – 389/10 (112.2): ධනුෂ්ක ධර්මසිරි (නායක) 134, හශාන් ප්‍රභාත් 109*, මදුර මදුසංක 4/45, දිලංක ශ්‍රීමාල් 3/87

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – 337/5 (82): මදුර මදුසංක 120, සමීර සඳමාල් (නායක) 105* , බුද්ධික හසරංග 52, අනුරුද්ධ රාජපක්ෂ 2/21, චමින්ද පතිරණ 2/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 294/10 (71): බුද්ධික හසරංග 72, කුසල් එදිරිසූරිය 61, සමීර සඳමාල් 48, අශාන් රණසිංහ 46*, අනුරුද්ධ රාජපක්ෂ 3/42, හිරාත් මාපටුන 3/63

කුරුණෑගල තරුණ කණ්ඩායමට පළමු ඉණිමේ ජයග්‍රහණයක්


වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

තරඟය2වැනිදා වැලිසර දී  ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා දෙවන ඉණිම කඩුලු 4ක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටියදී, අද දිනය ආරම්භ වූ අතර ඔවුන්ගේ දෙවන ඉණිම ද පළමු ඉණිම මෙන් ලකුණු 172කට සීමා වීම මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙහිදී ගුවන් හමුදා දෙවන ඉණිම වෙනුවෙන් නායක රංග දිසානායක ලකුණු 41ක් ලබාගත් අතර, පළමු ඉණිම තුල ලකුණු 76ක් ලබාගත් උදයවංශ පරාක්‍රම 4 පහර 3ක් සමගින් දෙවන ඉණිමට ලකුණු 33ක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ චානක කොමසාරු ලකුණු 47ක් තුල කඩුලු 5ක් දවාගනිමින් තම දස්කම් විදහා දක්වන ලද අතර, චාමිකර එදිරිසිංහ ද ඔහුට හොඳ සහයෝගයක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගන්නා ලදි. ගුවන් හමුදා කණ්ඩායමට ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 4ක් පමණක් ලබා ගැනීමට නියමිතව තිබුණද, අවසන් කඩුල්ල ලෙස සහන් ජයවර්ධන ව දවාලූ චානක කොමසාරු ඔවුන්ගේ එම බලාපොරොත්තුව බිදදමන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – 172/10 (56.1): රංග දිසානායක (නායක) 41, උදයවංශ පරාක්‍රම 33, චානක කොමසාරු 5/47, චාමිකර එදිරිසිංහ 3/59

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 172/10 (45.1): උදයවංශ පරාක්‍රම 76, යොහාන් ද සිල්වා 3/20, චමින්ද බණ්ඩාර 2/37, චාමිකර එදිරිසිංහ 2/37, අකලංක ගනේගම 2/39

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 347/10 (106.4): ගයාන් මනිශාන් 72,  ඉශාන් රංගන 43, යොහාන් ද සිල්වා 32, හශාන් ජේම්ස් 4/31

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ඉණිමක හා ලකුණු 3ක ජයක්

මෙම කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම දෙසැම්බර් 9 වැනිදා සිට 11 වැනිදා දක්වා පහත පරිදි පැවැත්වෙනු ඇත

  • කළුතර භෞතික සංස්කෘතික සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය මග්ගොන සරේ පිටියේදී
  • මීගමුව ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය අතර තරඟය ගම්පහ කදිරාන පිටියේදී
  • පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර නගර සමාජය අතර තරඟය පානදුර දී
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය පනාගොඩ දී
  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය වැලිසර නාවික හමුදා පිටියේදී

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට