පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 26, 2016

මංගල ප්‍රේමදාස නම් අසහාය හඩ අනුකරණ ශිල්පියා - Mangala Premadasa, the incomparable sound imitating Man


මංගල ප්‍රේමදාස පිළිබඳ අප දැන සිටියේ ඉතා කුඩා සමයේ සිට වුවද අන්තර්ජාලයේ ඔහු පිළිබඳ සොයා බලද්දී සොයාගත හැක්කේ එකම එක විස්තරයක් පමණි. ඒ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද, ඔහු විසින් රචිත ‘අකුරුවලින් සත්තු අඳිමු‘ නම් ළමා කෘතිය පිළිබඳව පමණි. 




නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ හඬ අනුකරණය කිරීම් දක්ෂතාවයන් දැක ඇත්තෙමු. දැනට වසර 40ක පමණ කාලයක් තිස්සේ හඬ අනුකරණයෙහි නියැළෙන ඔහුට විවිධ හඬ 600 කට අධික ප්‍රමාණයක් අනුකරණය කිරීමෙහි හැකියාව ඇති බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘හඳ මාමා‘ ළමා වැඩසටහනෙහි පෙත්තප්පුගේ හඬ ඉදිරිපත් කරන්නේ ඔහු බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.

හඬ අනුකරණය පිළිබඳව අන්තර්ජාලය පිරික්සා බැලීමේදී බොහෝ ශිල්පීන් හමුවේ. ඔවුන් සහ මංගල ප්‍රේමදාස නම් ශිල්පියා අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ලෝකයේ මෙබඳු බොහෝ ශිල්පීන් දක්ෂතාව පෙන්වන්නේ එකම වර්ගයේ හඬ, එනම් සතුන්, කාර්, බස්, නැව් වැනි එක් වර්ගයකට අයත් හඬ අනුකරණය කිරීම සඳහා පමණි.  නමුත් මංගල ප්‍රේමදාස අප අවට ඇසෙන ඕනෑම හඩක් අනුකරණය කොට පෙන්වීමෙහි අති දක්ෂයෙකි. කෙසේ වුවත් ඔහු පිළිබඳ එතරම් කතා කොට නොමැති බව පෙනෙන්නේ අනුන්ගේ ගීත ගයා එක රැයින් ජනප්‍රිය වන පුද්ගලයන් පිළිබඳ වෙබ් පිටු බොහෝ ගණනක් තිබුණ ද, ඔහු පිළිබඳ ලියැවුණු එකදු වෙබ් පිටුවක් හෝ නොමැති බැවිනි.


ඔහුගේ හඩ අනුකරණ දක්ෂතාවයෙන් බිඳක් දැකගත හැකි මේ කෙටි වීඩියෝව ඔහුට උපහාරයක් වනු ඇතැයි සිතමි.

8 comments:

  1. මා ඉතා කුඩා කාලයේ දිනක් කෑගල්ලේ පැවති සංගීත සංදර්ශනයකට මේ ශිල්පියා පැමිණ ඔහු ගේ දස්කම් සහිත අංගයක් ඉදිරිපත් කළා.

    පසු දින මා කෑගල්ල නගරයේ මා නතර වී සිටි ඥාතී නිවස අසල පාරක ගමන් කරමින් සිටින විට ඔහු ද ඒ පාරේ පැමිණ මා සමග කතා කළා. ඔහු උත්සාහ කලේ මා ඔහු ගැන දන්නවාද කියා සොයා බලන්නයි. මා ඔහු අඳුණා ගත්තත් නොදන්නවා මෙන් සිටියා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මා දන්නා පරිදි ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. ඇතැම් විට ඔහු පිළිබඳ මාධ්‍ය ආදියෙන් වැඩියමක් කතා නොකරන්නේ ද මේ නිසා වන්නටත් පුළුවන්.

      Delete
  2. එතුමන් පිළිබඳව මෙවන් ලිපියක් ලිවීම පිළිබඳව මගේ ස්තූතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  3. වීඩියෝව පසුව බලන්නම්.ඔහුගේ නම අසා පුරුදු නමුත් දැනසිටියේ නැහැ මෙවැනි ශිල්පියෙක් බව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු ගැන අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නෑ. නමුත් ඔහු පාසල්වල පවා විවිධ ප්‍රසංග පවත්වනවා.

      Delete
  4. Mamada ohu gena debagaththe 1
    2018/10/26 dina obata ithuthi

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න