November 25, 2016

වලාකුළක් නැති අහසක්




'වලාකුළක් නැති අහසක් ඈතින් දුටුවා'-නන්දා මාලිනී

හිස් ම හිස් දුර අහසක
දිදුලන නිලයි නුඹ මට
කළුවර පිරුණු පසුවද
දෑසේ එළිය තවරන


එන්න,
හදවතේ හිස්තැන් මැද
මුදුව පා සටහන් ඇඳ

කොතෙක් වර මිමිනූවද
නොසෑහෙන ගීතය නුඹ
දහස්වර නෙත මැවුනද
නොගිලිහෙන හීනය නුඹ






1 comment:

  1. එමි හනික මා ඉතින්

    සිසිල නිති කැන්දන
    නුඹම මිස කවුරුද වෙන
    සැම මොහොතෙ හද පිනවන
    හරිත බිම් පළසක්වන

    එමි හනික මා ඉතින්......

    ජයවේවා!!!

    ReplyDelete