Microsoft YouthSpark Live වැඩසටහණ දෙසැම්බර් 3 කොළඹදී

Microsoft YouthSpark Live වැඩසටහණ දෙසැම්බර් 3 කොළඹදී

2345
0
SHARE

Microsoft සමාඟමේ තවත් සමාජ සත්කාරක වැඩසටහණක් වන YouthSpark Live වැඩසටහණ දෙසැම්බර් මස 3 වැනි සෙනසුරාදා දින කොළඹ ට්‍රේස් එක්පර්ට්සිටි හිදී උදැසන 10 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරඇත. මෙම වැඩසටහණ විශේෂයෙන්ම තරුණ පරපුර උදෙසා සංවිධානය කරණු ලබන අතර මෙහිදී තරුණ ඔබගේ අනාගත රැකියාවන් සඳහා තාක්ෂණික හා සාමාජීය වශයෙන් අවශ්‍ය මඟ පෙන්වීමක් ලබාදෙනු ඇත. මෙම වැඩසටහණ විවෘත අතර  ලොකු කුඩා වයස් භෙදයකින් තොරව ඔනෑම අයකුට සහභාගී විය හැකිය.

Microsoft සමාඟම පවසන අන්දමට YouthSpark Live වැඩසටහණ යනු,

“තරුණ ඔබ සැවොම එක්ව ඔබේ වටිනා අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව සලසා දීම YouthSpark Live වැඩසටහනෙන් සිදුකෙරේ. මෙම YouthSpark වැඩසටහන තුලින්, ඔවුන්නොවුන් ගේ එක් එක් අරමුණුකරා ගමන්කිරිමට අවශ්‍යවන කුසලතා හඳුනාගනුලබන අතර එම අරමුණුකරා ගමන් කිරීමට ඇති තාක්ෂණික අවශ්‍යතාවන් අවබෝධකරගනී. මෙම එක් එක් අවස්තාවන්ට අනුකූලව අදාල වැඩසටහන්මගින් ඔවුන්ගේ අරමුණුකරා යාමට ඔවුන්ට උපකාරකරයි.”

මෙම YouthSpark Live වැඩසටහණ Microsoft ශ්‍රී ලංකා සමාඟම, ශ්‍රි ලංකා සර්වෝදය පදනමේ Fusion වැඩසටහණේ සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබයි.

මීට සමඟාමීව Hour of Code වැඩ සටහණක් හා Coding Relay නැමති තවත් විනෝදාත්මක තරඟයක් පැවැත්වෙනු ඇති අතර මෙම තරගය සඳහා වයස් සීමාවකින් තොරව කණ්ඩායම් සඳහා දැන් ලියාපදිංචි විය හැකිය. එක් කණ්ඩායමකට තරඟ කරුවන් 3 දෙනෙක්වත් උපරිම වශයෙන් සිටිය යුතුය. මෙම තරගයට ලියා පදිංචි වීමට මෙතනින් පිවිසෙන්න.

YouthSpark Live Facebook Event Page : https://www.facebook.com/events/1788198344801039/

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY