Sunday, November 20, 2016

ඔබ තෝරා ගත් හදවත




ඔබ තෝරාගෙන ඇත්තේ
කර්කශම හදවතකි
මතුපිට හිමාලේපිත
ඇතුළතින් ගිණි
පුළිඟු නළියන
තෙතක් කියා කිසි
දෙයක් නැති
රළු පරළුම හිතකි..

එනිසාවෙන් ඔබට,
හඬන්නට සිදු වූ කලෙක
උරපතක් මත හිස හොවා
තුරුළෙහි සනසවන
ලෙංගතු දෑතක් පිළිබඳව
සුබ සිහින නොදකින්න..

~ ටෆ් රයිටර් ~

No comments:

Post a Comment