Microsoft ප්ලැටිනම් සාමාජිකයෙකු ලෙස Linux පදනමට එක්වෙයි

Microsoft ප්ලැටිනම් සාමාජිකයෙකු ලෙස Linux පදනමට එක්වෙයි

1537
0
SHARE

අපි ඔබට කලිනුත් පැවසුවා වගේ, Microsoft සමාගම ඔවුන් සිටිය අයුරු හා සසඳන විට අද බොහෝ වෙනස් සමාගමක් බවට පත්වී තිබෙනවා. මීට දශක දෙකකට පමණ පෙර ඔවුන් ඉතා උද්‍යෝගයෙන් විවෘත මුලාශ්‍රයන් සඳහා දායකත්වයක් දැක්වීම ගැන කිසිවෙකුට හිතන්නටවත් බැරි වුනා. ඒත් අද වනවිට සියලු දේ වෙනස් වී හමාරයි . Microsoft විවෘත මුලාශ්‍ර සඳහා දායක වෙන්වා පමණක් නොව මෑතකදී New York නගරයේ පැවැත්වුණු Connect() developer සමුළුවේදී GitHub හි CEO වන Chris Wanstrath පැවසුයේ විවෘත මූලාශ්ර ප්‍රජාවේ ඉහළ දායකත්වයක් දක්වන්නේද Microsoft බව.

මීට කලකට ඉහතදී නන් Microsoft, Linux සමඟ අත්වැල් බැඳ ගැනීම සිහිනයක් පමණක් වුනා. එනමුත් අද , Microsoft ප්ලැටිනම් සාමාජිකයෙකු ලෙස Linux පදනමට එකතු වෙන බව, Scott Guthrie විසින් නිවේදනය කරා.

Linux සඳහා Skype, ChakraCore වැනි වැඩසටහන් තුලින් Linux සමඟ සම්බන්ද වීමට Microsoft සමාගම මුලික පියවර ගනු ලැබුවා.

Linux පදනම් විධායක අධ්‍යක්‌ෂ Jim Zemlin මෙහිදී පැවසුයේ,
“අතීතයේ Microsoft හා Linux අතර කොතෙකුත් විරෝධතාවයන් තිබුනත් අපි සැමවිටම Developers ලාගේ පවතින වැදගත්කම සම්බන්දයෙන් එකඟත්වයෙන් සිටියා” . ” ඒ වගේම Transformative mobile සහ cloud අත්දැකීම වැඩි පුද්ගලයන් පිරිසකට ලබාදීමට Microsoft, විවෘත මුලාශ්‍ර පදනම සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති” බවයි.
“මේ සම්බන්දව සැක ඇති අයට මම මෙහෙම කියන්නම්, පලවෙනි කාරණය Linux පදනමට Microsoft අපි සාදරයෙන් පිළිගන්නවා. දෙවැන්නනන් Microsoft දැනටමත් ලෝකයේ මෘදුකාංග විශාලතම සේවා යෝජකයා ලෙස ව්‍යපෘති ගනනාවක්ම විවෘත මුලාශ්‍ර ලෙස සිදු කරනවා”.

පෙනෙන විදිහට මේ සම්බන්දතාවයට සැහෙන පැවැත්මක් තිබෙන හැඩයි. අවසාන වශයෙන් Zemlin විසින් මෙසේ ප්‍රකාශ කරා.
“ඔබට මගේ අවසාන අදහස වෙන්නේ : Microsoft ලිනක්ස් වෙත ආදරේ වුණොත්, Linux පදනමේ 800 කට අධික සාමාජිකයින් වෙනුවෙන් … අපිත් ආදරෙයි. ”

source : neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY