November 19, 2016

හීන


අහස කැළඹී හඬමින්  
අසනි වැහි ඉහිරෙන විට
ගැඹුරක මුදුන් මුලකින් 
උරා ගත් හීන ද ඇත 

සිය දහස් මල් මියයන
ගිම්හානයක කෙළවර
තුරු හිසක ඒ හීන ම 
මලක් වී උපදිනු ඇත


Picture drawn with MS Paint

2 comments:

  1. චණ්ඩව හැමූ සුළඟක්
    ගිමන් හරිමින් නිසලව
    ලෙන්ගතු ලෙසින් දැවටෙයි
    ඒ හීන රැඳි මල් අස

    ReplyDelete