ලස්සණ කුණු කතාවක්!


ගිය සති අන්තය කම්කරු පංතියටම ගියා. එතරම්ම මහන්සි වුණා.  ඒ මගේ අස්  කිරිල්ල නිසා. මේ අස්  කෙරුවේ අප එකතු කර ගත්තු බඩු  මුට්ටු නොවේ. මා සමහර වෙලාවට, ගෙදරින් කඩා ඉවත් කරපු කොටස් වල ලී හා ගෙවත්තෙන් කපා ඉවත් කරපු පඳුරු හා ගස් මෙසේ ඉවත් කෙරුවේ.

img_1164

 

කුණු වලට සල්ලි ගෙවා ඉවත් කිරීම යන සංකල්පය දියුණු වෙමින් පවතිනවා කියන රටවලින් මෙහෙට සංක්‍රමණය වන බොහෝ දෙනාට ආගන්තුක දෙයක්. එයට උදා හරණ ලෙස ඔවුන් වැඩිපුර සාන්ද්‍රගත ප්‍රදේශ දක් වන්නට හැකියි.  ඉස්සර මෙල්බර්න් වල ජිවත් වන කාලයේ අප ගෙවපු වරිපනම් වලටම, සතිපතා ඉවත්කරන කුණු හා ප්‍රතිචක්‍රීයකරන ද්‍රව්‍ය වලට අමතරව, වසරකට වෙනත් කුණු ගණ මීටර දෙකක් හෝ තුනක් ඉවත් කිරීමේ පහසුකම තිබුණා. එය හොඳ පහසුකමක්

img_1169

එවැනි පහසුකමක් ගන්නවා තියා, සතිපතා කුණු බක්කිය නියමිත දිනට පාරේ අද්දර තියන්නේ නැතිව, ඒ කුණු පොදු උයන් වල හෝ පාර අද්දරට හෝ තමන්ගේ වැටෙන් ඉවතට විසි කරන පිරිස් කොපමණ ඉන්නවද? කුණු කියන්නේ සල්ලි කියන එක මහා ලොකු වැදගත්කමක් තියන සංකල්පයක් නොවේ. කුණු ඉවත්කිරීම වියදම් කාරී කටයුත්තක්. එය දරා ගැනීම ජනනය කරන්නාටම  අයිති දෙයක්.

img_1179

දේවල් වලට අපගේ තියන බැඳීම ගැන ආගම් වලින් පැහැදිලි කර දෙනවනේ සමහර විට. ඒ බැඳීම අපගේ පරිණාමික හා ජෛව විද්‍යාත්මක කරුණු ඇසුරිනුත් යම් තරමකට තේරුම් ගන්නට හැකියි. කන්නට තියන විට බඩ  පැලෙන්න කෑමත් ඒ වගේනේ.

යම් දිනක අවශ්‍ය වේවිය කියා දේවල් එකතු කරන එක, නැත්නම් විසි නොකරන එක හා දේවල් වලට අපේ තියන බැඳීමත් අපේ අතීතය හා ගලපා ගන්නට පුළුවන්. මේ ගැන කතාවක් මට ඊයේ මතක් වුනේ වැඩකරන තැන හැම ගොඩනැගිල්ලක් අසලම බාල ගොස් තිබුණ  විශාල කුණු බක්කි දැකීමෙන්.

img_1178

ලබන සතියේ ඉඳන් නත්තල් නිවාඩුව දක්වා අපට වීසි  කිරීමේ කාලයක් ලබා දී තියනවා. එන්න එන්නම ඒකීය පුද්ගලයාගේ වපසරිය අඩු කෙරෙමින් පවතිනවා. ඒ කියන්නේ තබා ගන්න හැකි දේවල් සීමිත වෙමින්, පොදුවේ භාවිතා කරන දේවල් වැඩි වෙනවා.

මේ වගේ දේවල් කතා කරන විට මෙයට වසර දහයකට පමණ තිබුන තත්වය ගැන මට කෙනෙක් දෙයක් කියුවා. එයාටත් වඩා ජේස්ට කෙනෙක් වැඩ කරමින් ඉන්න අතර (විශ්‍රාම ගොස්)  පිළිකාවක් තියන වග දැන ගෙන තියෙන්නේ එහි අවසාන අවධියේ.

img_1158

ඔහුට ජිවත් වන්නට ඒ වනවිට ඉතිරිව ඇත්තේ සති දෙක තුනක් පමණයි. රෝහලේ ඉන්න විට ඔහු එක උදව්වක් ඉල්ලා තියනවා. එනම්, ඔහු විනෝදාංශ යක් ලෙස එකතු කර තියන පරණ කාර් ටික විකුණා දෙන හෝ ඉවත් කර දෙන ලෙස. කොහෙන්ද දන්නවද? වැඩ කරන ස්ථානයේ තැන තැන ගාල් කර තිබු තැන් වලින්. කීයක්ද දන්නවද? වාහන 13 ක්.

ඒ විතරක් නොවේ එක ගොඩනැගිල්ලක කාමරයක් පුරවා ඒ කාර්  වලට අවශ්‍ය අමතර කොටස් පුරවා තිබුණා  කියා ඒ කතාව මට කියුව කෙනා කියුව. ඔහු මෙහෙම කර තියෙන්නේ, තමන්ගේ බිරිඳට හොරෙන්. විශාල මුදල් කන්දරාවක් ඔහු මේ වැඩේට යට කරන්න ඇති.

IMG_1173.jpg

ඒ විතරක් නොවේ, ඉඩ කියන්නෙත් මුදල් තමා. එන්න එන්නම ලෝකයේ වටිනාකම ඉහල යන දෙයක් තමා ඉඩ. අරයා ඒ පරණ හොඳ කාලයේ එහෙම දේවල් කෙරුවට, අද ඒ කෙලි කරන්න බැහැ. ඉදිරි සති කිහිපයේ අපට ගොඩක් දේවල් විසි කරන්න වේවි.

(ඔය මල් වල නම් එතරම් ආර්ටිස්ටික් ගතියක් නැතුව ඇති. කුණු කතා නිසා ලස්සන කරන්න දැමුවා).

9 Comments

Filed under Lifestyle, Opinion

9 responses to “ලස්සණ කුණු කතාවක්!

  1. Pra Jay

    Read n looked. Impressed.

  2. NK

    As always… Last pic is the BEST

  3. Cheers Pra! 🙂

  4. I always save the BEST for last!

  5. ඇණයා

    කුණු නැති සිතුවිලි නිසා ලස්සන වුන කුණූ කතාවක්.

    ලංකාවේ වැඩ කරන තැන් වලින් කුණු ඉවත් කරන්න වියදම් යන්නේ නෑ, ඉන්වෙන්ට්‍රියෙන් කැපූ වහාම ඒවා අතුරුදහන් වෙනවා

  6. ජිවිතයේ කුණු හරියට කළමනාකරණය කර ගන්න හැකි නම්, කරන්න තියන දේවල් වලින් භාගයක් ගොඩ. එය පෞද්ගලික මෙන්ම මහා සමාජයට ද එකසේ අදාලයි ඇණයෝ.

  7. අත අරින්න බැරි තරමට බැඳෙන එක තමන්ගෙම හිතේ කුනු එකතු කීරිමක්නේ රයිගම්…..නේද ?

  8. නිම්නි මොනවටද බැඳිලා ඉන්නේ? 😀

  9. ඔබට දැනගන්නම ඕනේ නම් ලඟදීම නිම්නයේ ඒ ගැන ලියවේවි…

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.