Thursday, November 17, 2016

කිරි අත්තා




වැහි ඇල්ලකින් පසු
පුරන් වූ යාය කෙලවර,
රුක්අත්තන මලක්
හිනැහෙයි,
කිරි අත්තාගේ
සොහොන පාමුල...

උදැල්ලක පහසක්
කල්පෙකින්
නොවිඳිනා
පොළොවක්,
අදත් හඬගා කියයි
අත්තා,
හුස්ම ගනිමින්
හිඳිනා වගක්...

~ බ්‍රීත්ලස් රයිටර් ~

2 comments:

  1. අපේ මුතුන් මිත්තො දුන්න මතක විතරය් අපට දැන් තියෙන්නෙ

    ReplyDelete
  2. හුඟක් ගැඹුරු අදහසක් කියවෙනවා වගේ දැනෙනවා

    ReplyDelete