Microsoft හි Joe Belfiore නැවතත් සේවයට

Microsoft හි Joe Belfiore නැවතත් සේවයට

1416
0
SHARE

Microsoft හි මෙහෙයුම් පද්ධති(OS)අංශයේ Co-Operate Vice President විදිහට සේවය කල Joe Belfiore පසුගිය 2015 වර්ෂයෙ ඔක්.22 දින සිය Facebook Page එකේ Status එකක් Post කරමින් කියා සිටියේ තමන් Microsoft සමාගමෙන් වසරක විරාමයක් ලබා ගන්නා බවයි.මේ බව සදහන් කරමින් ඔහු කියා සිටියේ තමන් පවුලේ සියල්ලන් සමග එක්ව ලොව වටා බෝට්ටු සංචාරයක නිරත වන බවයි.ඒ දිනවලදී මෙය තරමක් ආන්දෝලනයට තුඩු දුන් කරුණක්ද උනා.

කෙසේ නමුත් දැන් ඔහු පෙර සදහන් කර සිටි පරිදිම පසුගිය ඔක්.26 දින Twitter පණිවිඩයක් මගින් තමන් නැවතත් සේවයට වාර්තා කරන බව දන්වලා තියෙනවා.ඔහුට පැවරී තිබුණු රාජකාරිය වුනේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සැලසුම් කල ආකාරයටම ක්‍රියා කරනවාද යන්න තහවුරු කර ගැනීමයි. ඔහුව ඒ  දිනවල කවුරුත් හැදින් වූයේ Panos Panoy of Software ලෙසයි. ඊට හේතු වුනේ Microsoft Surface හි ප්‍රධානියා වු Panos Panoy මෙන්ම ඔහුත් ඉතා දක්ෂයෙක් වුණු නිසයි.

Microsoft සමාගමට ආදරය කරන අපි හැමෝම බලාපොරොත්තු වෙමු Joe Belfiore ට Windows 10 Mobile Division එක උඩුයටිකුරු කරන ඉදිරිපත් කිරීම් කරන්න හැකිවේවියි කියල.

Source: winbeta.org

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY