Windows 10 Mobile වෙනුවෙන් ආයෝජනය කිරීම උපායශීලී තීරණයක් බව Microsoft සමාගම හෙළි...

Windows 10 Mobile වෙනුවෙන් ආයෝජනය කිරීම උපායශීලී තීරණයක් බව Microsoft සමාගම හෙළි කරයි

2285
0
SHARE

මේ දවස්වල Windows 10 Mobile Smartphones වල විකිනුම් ප්‍රතිශතය ටිකක් විතර පහල ගිහිනුයි තියෙන්නෙ.ඉතින් මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි වෙනත් Mobile eco System වෙත යොමු වෙන්න හෝ අඩුම තරමින් x86 Smart Phone එකක් වත් එළිදක්වන්න උත්සහ නොකර දිගටම Microsoft සමාගම Phone OS වලටම ආයෝජනය කරන්නෙ කියන එක.

Zdnet හි Mary Jo Foley සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාවකදී මේ පිලිබඳ සිය අදහස් දක්වමින් Microsoft සමාගමේ Windows and Devices හි විධායක උප සභාපති Terry Myerson කියා සිටියේ එය උපායශීලීව කරන ලද ආයෝජනයක් බවයි. ඔවුන්ට අනුව අනාගතයේදී ARM හා Telephony Development Eco System උවමනා වුවහොත්, වරක් අතැර දමා නැවත මුල සිට අරඹනවාට වඩා එම ක්ෂේත්‍රයේ රැදී සිටීම වඩාත් සුදුසු බවයි.

“තාක්ෂනික වශයෙන් ගත් කල Windows 10 Mobile හි විශේෂතා 2ක් තියෙනවා. Cellular Connectivity සහ ARM processor අන්තර්ගත වීම එම විශේෂතා දෙකයි. මං හිතන විදිහට මේ කාරණා දෙකම අනාගත තාක්ෂන ලෝකයේ ඉතා වැදගත් තැනක් හිමි කර ගනීවි.” යයි තව දුරටත් අදහස් දක්වමින් Myerson පවසා සිටියා.

2009 වසරේදී Microsoft සමාගමට Windows Mobile 6.5, Windows phone 7 දක්වා reboot කිරීමට වසර 2ක් වැයවුනු ආකාරය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ නැවතත් මුල සිට ආරම්භ කිරීම යනු ඉතා අපහසු කාර්යයක් බවයි. ඔහුට අනුව 4G තාක්ෂණය සමගින් නිර්මාණය වන Telephone Stacks අනාගතයේ 5G තාක්ෂණයට පරිවර්තනය කිරීමට වුව හොත් මුල සිට ආරම්භ කිරීමට දිගු කාලයක් වැයවනු ඇත.

“සමහර විටෙක දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා පහසුයි. නමුත් තාක්ෂණික උපායක් ලෙස හෝ එවැනි දෙයක් වෙනුවෙන් ආයෝජනය කිරීම ගැන ප්‍රශ්න ඇති විය හැකියි.”යයි වැඩි දුර පැහැදිලි කරමින් ඔහු කියා සිටියේය. ඔහුට අනුව ARM Processors හා Cellular Connectivity අනාගතයේ ඉතා වැදගත් වන බව නම් නිසැකයි.

Microsoft සමාගම දැනට යම් කිසි පසුගාමීත්වයක් පෙන්වන්නේ යම් මොහොතක ක්ෂණිකව Windows 10 සිට ARM වෙත වෙනස් වීමටද, නැතිනම් තවත් වසර කීපයකින් Smartphone Segment ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් ඇති කිරීමටද යන්න නම් තරමක් අපැහැදිලියි. කෙසේ නමුත් Windows 10 Mobile Development නවතා දැමීම Myerson කියූ පරිදිම ඉහත සදහන් කල අවස්ථා 2ම සඵල කරගැනීම දුෂ්කර කරාවි.

Sources: mspoweruser.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY