Monday, November 14, 2016

ප්‍රේමය සඟවාපු අහුමුළු



ඉස්සරම දවස්වල
තැන තැන සඟවාපු
අහුමුළු වලිනි හදිසියේ
මතුව එන්නේ ප්‍රේමය..

එදවස බොහෝ ඉස්සර
පෙම්වතෙක් වී සිටි බව
හඬගා කියන්නේ
සෙවණැලිය බිත්තිවල...

පැළඳ හිඳිනා මේ
හිනා වෙස් මුහුණ යට
පවතින්නේ දුකම වග,
ප්‍රේමය සඟවාපු තැන් හැර
දැනන් ඉන්නා
අන් කෙනෙක් නැත...

~ හිඩ්න් රයිටර් ~

No comments:

Post a Comment