November 13, 2016

කුක් විත් ජෙම්ස්




හොදායියියියි....

අද මම ඔයාලට කියලා දෙන්ඩ යන්නේ රසම රස උදා ආහාර වට්ටෝරුවක් සාදා ගන්නා ආකාරය ගැන.

ම්ම්ම්ම්...

එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන්නේ මොනවද කියලා.

මුං ඇට ග‍්‍රෑම් 250 (ඔබ සමෘද්ධි ලාභියෙකු නම් සහල් භාවිතා කරන්නත් පුලූවන්)
පරිප්පු ග‍්‍රෑම් 100
තම්බා ගත් අල ගෙඩි 2
හාල් මැස්සන් ග‍්‍රෑම් 250 (හාල් මැස්සෝ වෙනුවට ඔයාලට ටින් මාලූ යොදා ගන්නත් පුලූවන්)
අවශ්‍ය ප‍්‍රමාණයට සුදු සීනි
තෙම්පරාදුව සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට භූමි තෙල්

හොදයි. එහෙනම් අපි දැං බලමු කොහොමද හදා ගන්නේ කියලා.

මුලින්ම මුං ඇට සහ පරිප්පු වෙන් වෙන් වශයෙන් ඇති පදමට තම්බා ගන්න.
ඊට පස්සේ තම්බාගත් පරිප්පු සහ අල ගෙඩි දෙක් තලපයන් වෙනකම් හොදින් මික්ස් කරගන්න.
ඊට පස්සේ ඔයාගේ හාල්මැස්සෝ ටික අවශ්‍ය ප‍්‍රමාණයට භූමි තෙල් දමා කර නොවෙන විදියට බැදගන්න.

ම්ම්ම්ම්...

ඊට පස්සේ ඔයා බැදගත්ත හාල් මැස්සො ටික කුඩා කැබලි වෙන විදියට කුඩු කරගෙන අපි අර කලිං හදාගත්තු පරිප්පු අල පල්ප් එකට දාලා හොදට මික්ස් කර ගන්න.

ඊට පස්සේ තමන්ගේ රස අනුව සීනි චුට්ටකුත් දාගන්න...
ම්ම්ම්ම්...

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි...

හදා ගත්ත මික්ස්චර් එක පොඩි පොඩි බෝල හදලා ගැඹුරු තෙලේ භූමි තෙල් වලින් බැදලා ගන්න.

හරිම ලේසීයි....
දැන් තම්බාගත් මුං ඇට සමග හදා ගත්තු බැදුම රස බලන්න.

එහෙනං ආයෙත් දවසක මං එනවා ඔයාලගේ ගෙදර කුක් විත් ජෙම්ස් සමග.
එතකන් ඔයාලාට

ජේසු පිහිටයි
බුදු සරණයි
නිවන් සැප ලැබේවා
සමාදාන ෙය් සැතපේවා




10 comments:

  1. ජේසු සරණයි.
    බුදු පිහිටයි.
    නිවන් සැපේ සැතපේවා.
    සමාදානය ලැබේවා!

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ පාර මතක්වෙලා තියෙන්නේ....

    ReplyDelete
  3. නියම කෑමක්නේ...මේ කෑම එක හදලා කෑව අයට උන දේද අර අන්තිමට ලියලා තියෙන්නේ....:)

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ.
      හැබැයි තව මදි.
      මේ කෑම එක හදලා කෑව අයට උන දේ විතරක් නෙවෙයි, අනික් අයටත් අනාගතේදී වෙයි කියලා හිතුන දේ...

      Delete
    2. හපොයි....වර්ථමානේ නොකා බැරි වෙයි ද අනාගතේ අනා නොගෙන ඉන්න

      Delete
    3. නිම්නි...
      මම හිතන්නේ බැරි වෙයි. දැනටමත් ඇනිලා පේන විදියට.

      Delete
  4. ඔය උයන පිහින වැඩේ කරන්නෙ ගෑස් වලින් වෙන්න ඇති.

    ReplyDelete