ජයග්‍රහණය සාන්ත තෝමස් හා බෙනඩික්ට් විද්‍යාවලට

256
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ, ඊයේ (11) ආරම්භ වූ තරඟයන්හි දෙවැනි දිනය අද (12) ක්‍රියාත්මක විය. එම තරඟ වලින් සාන්ත බෙනඩික්ට් හා සාන්ත තෝමස් යන පාසල් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: වේල්ස් කුමර විදුහලට ඉණිමක ජයක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය ඊයේ (11) උදෑසන මලියදේව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කල මලියදේව විද්‍යාලය, තම පළමු ඉණිම ලකුණු 403ක් දක්වා ගෙන ගිය අතර එහිදී දුලාජ් රණතුංග ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. දිනංජය ප්‍රේමරත්න හා කවීන් බණ්ඩාර ලකුණු 68ක් හා ලකුණු 65ක් බැඟින් ලබා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය පළමු ඉණිම  – 403/07 dec (104.4): දුලාජ් රණතුංග 118, දිනංජය ප්‍රේමරත්න 68, කවීන් බණ්ඩාර 65, දිනෙත් ජයකොඩි 3/66

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉණිම – 38/0 (8):

තරගයේ සාරාංශය,

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – 300/09 dec (77): රීවන් කෙලී 91, දිනෙත් මදුරවෙල 40, ශෙවෝන් ෆොන්සේකා 34, දිනෙත් ජයකොඩි 31*, ගයාන් චන්ද්‍රසේන 3/21

මලියදේව විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරඟය

සාන්ත තෝමස් විද්‍යාලයේ දී C කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ (11) ආරම්භ වූ මෙම තරඟයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලබා සිටියදී, ධර්මාශෝක විද්‍යාලය තම දෙවන ඉණිම ලකුණු 97ක් දක්වා රැගෙන යන ලදී. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ පවිත් රත්නායක කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම  f/o  – 97/10 (55.2): හර්ෂජිත් රුශාන් 26, පවිත් රත්නායක 3/29

ලකුණු 43ක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තම දෙවන ඉණිම නැවතත් ආරම්භ කල සාන්ත තෝමස් විද්‍යාලය එම ලකුණු සීමාව පන්දුවාර 12ක් ඇතුළත හඹා යමින් කඩුලු 8කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – 43/02 (12): රවිදු කොඩිතුවක්කු 27*

තරගයේ සාරාංශය,

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 91/10 (31.3): කවීෂ කුමාර 41, පවිත් රත්නායක 4/36, ඩිලෝන් පීරිස් 4/20

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 146/10 (43.4): කවිදු කොඩිතුවක්කු 72, කවිදු නදීශාන් 6/35

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 8ක ජයග්‍රහණයක්


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලයේ ඇරයුමින්, පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසියේ පීතරයින්ය.

කඩුලු 5ක් දැවී ලකුණු 96ක් ලබා සිටින විට තම පළමු ඉණිම ආරම්භ කල නාලන්ද විද්‍යාලය තම ඉණිම ලකුණු 133ක් දක්වා වර්ධනය කරගත් අතර සුහඟ විජේවර්ධන ලකුණු 47ක් ඊට එක් කලේය.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 133/10 (57): සුහඟ විජේවර්ධන 47, ලක්ෂිත රසාංජන 27, සචින් සිල්වා 4/21, මනෙල්කාර් ද සිල්වා 2/20

ලකුණු 6ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සන්තුෂ් ගුණතිලක ලකුණු 39ක් ලබා ගනිමින් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – 184/10 (71.1): සන්තුෂ් ගුණතිලක 39, අනිශ්ක පෙරේරා 28, ලක්ෂිත රසාංජන 2/46

නාලන්ද විද්‍යාලයට තම ජයග්‍රහණය සඳහා ලකුණු 191ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් තම ඉණිම වේගවත් කල නමුත් නියමිත පන්දුවාර ගණන නිමාවූ නිසාවෙන් ජයග්‍රහණය ඔවුන්ට මඟ හැරිනි.

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – 50/03 (16): ලක්ෂිත රසාංජන 18, සන්තුෂ් ගුණතිලක 2/14

තරගයේ සාරාංශය,

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 139/10 (38): සන්තුෂ් ගුණතිලක 48, මනෙල්කාර් ද සිල්වා 38, කලන පෙරේරා 5/44, උමේක්ෂ දිල්ශාන් 4/29

සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


මරදාන සහිරා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

ඊයේ (11) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය හිමිකර ගත් බෙනඩික්ට් විද්‍යාලය තම පිටියේ වාසියද ඇතිව පළමුවෙන් පන්දු යවන ලදි.

කඩුලු 3කට ලකුණු 78ක් ලෙස උදෑසන සටහන්ව තිබූ බෙනඩික්ට් ලකුණු පුවරුව, සනිල්ක නිර්මාල් ලකුණු 28කින් වර්ණවත් කරන ලදි. සජිත් සමීර කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම  – 136/10 (49.1): සනිල්ක නිර්මාල් 28, අශේන් සිල්වා 26, සජිත් සමීර 3/29

මෙම තරගයේ විශේෂත්වය වූයේ දෙපිලේම පළමු ඉණිමේ ලකුණු සමාන වීමයි. සහිරා විද්‍යාලය තම දෙවන ඉණිමට ලකුණු 124ක් ලබා ගත් අතර එහිදී නැවත වරක් සිය පිත්ත ක්‍රියාත්මක කල සජිත් සමීර ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය. බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් කවීශ ජයතිලක කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – 124/10 (43.5): සජිත් සමීර 42, මොහොමඩ් ස්පකායි 25, කවීෂ ජයතිලක 5/37

තම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබූ ලකුණු 125 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පන්දුවාර 28යි පන්දු 2ක් තුලදී සපුරාගත් අතර දුලන්ත ලෙවිස් එම ජයග්‍රහණය සඳහා තම කණ්ඩායම මෙහෙයවන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉණිම – 125/07 (28.2): දුලන්ත ලෙවිස් 62, සජිත් සමීර 2/47

තරගයේ සාරාංශය,

සහිරා විද්‍යාලය පළමු ඉණිම – 136/10 (47.5): සජිත් සමීර 39, මොහොමඩ් නජීඩ් 29, කවීෂ ජයතිලක 4/34, මහේෂ් තීක්ෂණ 2/34

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයග්‍රහණයක්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට