වසර 10ක් ඇතුලත පිළිකා රෝගයට තිත තැබීමට Microsoft සූදානම්

වසර 10ක් ඇතුලත පිළිකා රෝගයට තිත තැබීමට Microsoft සූදානම්

1570
0
SHARE
Chris Bishop - Microsoft Research හි පර්යේෂණාගාර අධ්‍යක්ෂ

සෛල ප්‍රති ක්‍රමලේඛන තාක්ෂනය (Cell Reprogramming) යොදා ගනිමින්, ඉදිරි දශකය තුළදී පිළිකා රෝගය මෙලොවින් තුරන් කිරීමට Microsoftහි පළමු ජෛව රසායන පර්යේෂණ කණ්ඩායම මේ දවස් වල සුදානම් වෙනවා.

මේ වැඩේට ලෝකයේ හොඳම විද්‍යාඥඥයින් සහ ඉංජිනේරුවන් රැසක් Microsoft ආයතනයත් සමග එකතු වෙලා ඉන්නවා. අපේ ශරීරයේ දෝෂ සහගත සෛල, එනම් පිළිකා සෛල පරිගණක පද්ධතියක ඇතිවෙන දෝෂ වලට සමාන ලෙස සලකලා එම දෝෂ නිවැරදි කිරීමට ගන්නා ක්‍රම වලට සමාන ක්‍රම යොදාගෙන තමයි මෙහිදී පිළිකා ප්‍රතිකාර නිපදවෙන්නේ.

microsoftcancer-590x352

ඊට අමතරව,  DNA යොදාගෙන නිපදවූ පරිගණකයක් මගින්, සෛල තුළ පිළිකාවක් බවට පත්විය හැකි සුළු දෝෂ සොයමින් එම දෝෂ නිවැරදි කිරීමට ඇති හැකියාව පිළිබඳවද Microsoft ආයතනය දැනට පර්යේෂණ පවත්වමින් සිටිනවා.

මෙම පර්යේෂණ සාර්ථක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් පිළිකා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට මෙන්ම, පරිගණක තාක්ෂණය යොදාගෙන තවත් මාරාන්තික රෝග රැසකට පිළියම් සෙවීමට මග විවර වේවි.

109006630-andrew-phillips-science-large_trans5yqlqqeh37t50scym4-zeg8kbvqz4avuid_oh8jhrek
පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී – Andrew Philips

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY