පිපුණු මලේ රුව!


img_1105

අද කඩේ ගිහිං එන විට රේඩියෝවේ ප්‍රවුර්තියක් ගියා සමාජ ජාල භාවිතා කරන්නන් ගැන කරපු සමීක්ෂණයක් ගැන. එයින් කියවුනේ, දවසේ වැඩි වෙලාවක් සමාජ ජාල වල ගත කරන පිරිසෙන් බහුතරය ඉන්නේ සතුටින් නොවේ කියා. එහි කියවුන ප්‍රතිශතයන් මට දැන් මතක් වෙන්නේ නැහැ. ඔහොම සොයා ගැනීමකට නම් සමීක්ෂණ කරන්නත් අවශ්‍ය නැතිය කියලයි මට සිතෙන්නේ. මොකද සමාජ ජාල වල ලියවෙන, කතා බහ කෙරෙන  (බොහෝ) දේවල් අනුව, මිනිසුන් අසතුටින් ඉන්නේ කියා පෙනී යනවා. සතුට සොයා  ගන්න නම්, මේවයින් අයින්  වෙන්න ඕනේ කියන සිතිවිල්ලට කවුරු හරි අවොත්,  මට  එය පුදුමයක් නොවේ.

img_1116

මේ වර්ෂය කාලගුණය අතින් මෙතෙක් කල් ටිකක් වෙනස්. ශීත සෘතුවේ පමණටත් වඩා වැස්ස. සාමාන්‍යයෙන් නොවැම්බර වන විට සෑහෙන්න උෂ්ණත්වය ඉහල යනවා වුවත් මෙවර සෙන්ට්‍රිගේට් අංශක 20ට වඩා ඉහල නැගී දින දෙක තුනකට වඩා තිබුනේ නැහැ. හෙට උෂ්ණත්වය අංශක 26 ට යනවා කියා කියනවා. ඒ කියන්නේ ටී-ෂර්ට් වලට බහින්න පුළුවන්.

අද සටහනක් ලියන්න වෙලාවකුත්, ලියන්න දෙයකුත් නැහැ. ඉහත පින්තුර දෙක සතියේ දිනෙක උදේ ගත්තුව. පහත පින්තූර  සියල්ල අද වැඩ කරන අතර විවේකයකදී ගත්තුව. රෝස කියුවට, පාට අතින් විතරක් නොවේ මලේ හැඩයත් ගහෙන් ගහට වෙනස් නේ. ඔය මා සිටුවා ඇති ගස් කිහිපයක්. හැමදාම ඔය කොහෙන් හරි අහුලා ගත්තුව දමන එකේ,  මේ ටික අද ඔබනවා. ඔය පින්තුර වල ගත්තු කෝණයන් හෝ නාභි ගත වීම් හෝ නොවීම්  ගැන වැඩිය වොරි  වන්න එපා.

img_1130img_1131img_1133img_1134img_1138img_1145img_1146img_1148img_1149img_1152

25 Comments

Filed under Photography

25 responses to “පිපුණු මලේ රුව!

  1. Pingback: පිපුණු මලේ රුව! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. /////අද කඩේ අද කඩේ ගිහිං එන විට රේඩියෝවේ ගිය ප්‍රවුර්තියකින් කියවුනේ, දවසේ වැඩි වෙලාවක් සමාජ ජාල වල ගත කරන පිරිසෙන් බහුතරය ඉන්නේ නොවේ කියන සමීක්ෂණ ප්‍රතිඵලයක්///////////

    මචං රයිගම්…මේ වාක්‍යයේ එක වචනයක් ටයිපිං එරර් එකක් ලෙස හෝ මිස් වුනාද… මට මේ වැකිය තේරුම් ගන්න බැහැ.

  3. A 1000 apologies macho. corrected!

  4. Pra Jay

    Are you interested in colours (I mean exact names of colours )? If so, what’s the colour of the third rose?

  5. Oh, what a question Pra. I thought you were interested only in dogs. I am not the best person to answer that question. It is peach colour (or pale-pink).

  6. Pra Jay

    I’m interested in a lot more than dogs, Mr. Rye-Village.
    Yeah. It is a pinkish peach (as against beige-peach you see often), very unusual.

  7. Yes. However, it turns into beige peach over the time. That one is a young flower. They are more pinkish when they come out from the bud.

  8. ලස්සන රෝසමලක් මට ලස්සන නෑ
    ලස්සන සම…නළය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ
    ආදරවන්තියේ ඔබ.. වාගෙ නෑ

    ගීතයේ එහෙම තිබුනට මේ රෝසමල් හරිම ලස්සනයි 🙂
    බොහොම ස්තුතියි අපිත් එක්ක පින්තූර බෙදාගත්තට, රයිගම් 🙂

  9. දෙවෙනියට තිබෙන සුදු මල් පොකුර ඉතා චාම් ලස්සනක් තිබෙනවා. ඔබට වෙලාව තියෙනවා නම් කලාත්මක පින්තූර ටිකක් ගන්න මේ මල් වල.

  10. ඔබ මේ ගීතය අසා තියනවද?

    තමන්ගේ ලස්සන තමන්ට බලන්නට හැකි මිනිසුනට පමණයිනෙ. අනික් සතුන් කරන්නේ තමන්ගේ ලස්සන අනුන්ට පෙන්වන එක විතරයි.

    මේ බ්ලොගය මා පවත්වාගෙන යන්නේ මගේ සතුටට වුවත්, ඔබ වැනි කෙනෙක් කියවා, හෝ පින්තූර බලල සතුටු වුන වග අහන්නත් මා සතුටුයි.

    මගේ පින්තුර වල next level එකට යන්න සිතාගෙන හිටියත්, ඒ වැනි දෙයකට මෙයිට වඩා කාලයක් හා මුදලක් දැනට යොදවන්න නොහැකියි මානවි.

  11. ගීතය අසා තිබෙනවා රයිගම්. ඔබේ මාතෘකාව දැක්කමත් ගීතය මතක් උනා, නමුත් මෙන්න මේක “තමන්ගේ ලස්සන තමන්ට බලන්නට හැකි මිනිසුනට පමණයිනෙ. අනික් සතුන් කරන්නේ තමන්ගේ ලස්සන අනුන්ට පෙන්වන එක විතරයි” ගැන සිතුවේ ඔබ කිවුවාට පසු තමයි.

    ඔබේ පින්තූර මම රසවිඳිනවා. බොහොම ස්තුතියි 🙂

  12. ////“තමන්ගේ ලස්සන තමන්ට බලන්නට හැකි මිනිසුනට පමණයිනෙ. අනික් සතුන් කරන්නේ තමන්ගේ ලස්සන අනුන්ට පෙන්වන එක විතරයි” ගැන සිතුවේ ඔබ කිවුවාට පසු තමයි.///////

    මම කියන්න හිතපු එකක් එමා කියලා. මේ ලමයි අපිට වඩා හරි ඉදිරිගාමියි නැද්ද රයිගමයෝ. අපිත් ඕගොල්ලන්ගෙන් දේවල් ඉගෙනගන්නවා. මම විශේෂයෙන්.

  13. අනේ එහෙම විශේෂයක් නෑ. මේ වගේ ලිපි කියවලා යම් පරිචයක් ලබා ගන්නට උත්සාහ කරනවා පමණයි 🙂
    ඒත් බොහොම ස්තුතියි 🙂 හරි සතුටුයි.

  14. Tharu´ M ^_^

    මම හිතන හැටියට අලංකාර රෝස වගාවක් ඔබට තියෙනවා….

    සතුට කියන දේනම් හොගෛන ගියොත් මේ ආත්මෙදිනම් සොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ

  15. සමහර දේවල් මානවි ඉතාම ඔබ්වියස්. හැබැයි ඒ ගැන අප හිතන්නේ නැහැ හෝ කල්පනාවට එන්නේ නැහැ.

    අරූ උඹ කියන්නේ මා පසුගාමී කියලද? 😀

  16. එක අතකින් සතුට කියන්නේ නිකම් පර්සෙප්ෂන් එකක් විතරයි.
    සොයන් යන්න දෙයක් නැහැ. ලඟම තියනවා.

    මට ලොකු ගෙවත්තක් නම් නැහැ. නමුත් මේ තියන වපසරියේ මල් හා එළවලු ටිකක් වවනවා. සමහර ලොකු ගෙවතු කැලෑවට ගිහින් තියනවා මා දකිනවා. තවත් සමහරු මුළු වත්තම කොන්ක්‍රීට් කරනවා. එක එක අය සතුටු වන හැටි වෙනස් නේ.

  17. Tharu´ M ^_^

    ඒකනම් ඇත්ත …නමුත් සතුටු වීමේදි ස්වභාවධර්මය සමග සතුටුවීමෙන් ලැබෙන ආශ්වාදය වචනයෙන් කියන්න බෑ …

  18. ලස්සන රෝස වත්තක්.. රයිගම්..සතුට හරි ලේසියෙන් හොයාගන්න පුලුවන් තමන් සතුටින් නම්.. ඔබ කරන්නෙත් ඒ වගේ වැඩක්….

  19. නැහැ නිම්නි, ගස් හත අටක් පමණයි.
    සතුට සොයා යාම ගැන මා කලින් ලියුවා. ඔබ සතුටින් නම් …..කියා සින්දුවක් තියනවා නේද?

  20. පොඩ්ඩක් උනත් හරිම ලස්සනයි රයිගම්, මම එහෙම සින්දුවක් අහලා තියනවා කියල මතක් උනේ නම් නැ…

  21. මා කැමතියි මල් වවන්න. ඉඩ තමා නැත්තේ.
    අර සින්දුව පටන් ගන්නේ වෙනස් විදිහකට නිම්.

  22. වෙලාවක එන්නම් ඔබ වවන මල් බලන්න පාර කිව්වොත්.. මේ සින්දුව කොයි තරන් අහලා ඇති ද.. ඒත් මතක් උනේ නැනේ….

  23. දැන් කලින් පොරොන්දුව ඉටු නොකරපු ඔබ, මල් බලන්න ඒවිද? 😉

  24. හි හී ,තාම ඒක මතකයි නේද… 🙂 🙂

  25. මෙහි අවුරුදු 5කට වැඩි කාලයක් තිස්සේ ලියවී තියන සියල්ල මට මතකයි.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.