Sunday, November 6, 2016

ළමා අපයෝජන වැදගත් විදිහට රකින හැටි...

මේ වෙලාවේ ඉස්ලාම් ෂාරියා නීතිය අනුව මේ රටේ මුස්ලිම්ලාට අවුරුදු 12 සිට ළමා අපයෝජනයට ඇති නීත්‍යානුකූල අවස්ථාව අභියෝගයට ලක්වෙලා.

ඒ යුරෝපා සංගමය ආණ්ඩුවට GSP+ දෙන්න කොන්දේසියක් විදිහට මේ ළමා අපචාරයට ඇති නිත්‍යානුකූලභාවය ඉවත් කරලා විවාහ වීමේ වයස 16 දක්වා වැඩි කරන ලෙස කොන්දේසියක් පැනවීම නිසා.

දැන් මේ ළමා අපයෝජනයට ඉඩදෙන්න කියලා බුද්ධිමත්තු විදිහට අපට කියන්න බෑ. එතකොට ළමයි, සුළු වාර්ගිකයන් ගැන වැදිබණ කියමින් කිඹුල් කඳුලු හෙළන අපේ හෙළුව රටටම පේනවා.

හැබැයි එහෙමෙයි කියලා මේකට ඉඩදීලත් බෑ. අපිට වැදගත් වෙන්නේ මොනවා හරි ක්‍රමයකින් සුළු වාර්ගික කොටස් මේ සමාජයට බද්ධ නොවන සුවිශේෂ අමුතු කොටසක් විදිහට උන්ටම පෙන්නලා දිගින් දිගටම සමාජය බෙදන එක. කොටිත් නැති එකේ කොහොම isisලා වගේ සැට් එකක්වත් හදාගන්න එක.

අපි වගේ අඩු කුලය, අබෞද්ධවීම, කටුක ළමා කාලය නිසා උපන් හීනමානය සහ සමාජ වෛරය නිසා මහ සමාජයට එකතු වෙන්න බැරි අයගේ වගකීම ඒ සුළු වාර්ගික කොටස් මහ සමාජයෙන් වෙන්කර තබා ගැනීම. ඊට එකතුවීමට ඇති අවස්ථාව වහලා දැමීම.

නැත්නම් උපන්ගෙයි මහ සමාජයට එකතුවෙන්න බැරි හීනමානික අපි තනිවෙනවා. අපේ බැරිකම සුවිශේෂ හැකියාවක් විදිහට තවත් මාර්කට් කරගන්න බැරිවෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මුස්ලිම් ළමා විවාහයට පක්ෂ වෙන්න ඕන. ඒකට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බැරි වුණත් රහසින් හෝ එරෙහි වෙන්න ඕන.

ඒකට හොඳම වැඩේ තමයි මේ ළමා අපචාරය කුඩා ළමුන් මහණ කිරීමට ගැටගැසීම. යුරෝපා සංගමය එහෙම නොකළත් අපි කරන්න ඕන. එහෙම බැලුවාම කුඩා ළමයි ඉස්කෝලේ යැවීමත් ළමා අපචාරයක් නේද කියලා කියන මෝඩයින්ට කන් දෙන්න නරකයි.

දැන් අපට කියන්න පුළුවන් අවුරුදු 12න් ළමයෙක් විවාහ වන එක ළමා අපචාරයක් නම් කුඩා ළමුන් මහණ කිරීමත් ළමා අපචාරයක් අරක වැරදි නම් මේකත් වැරදියි කියලා. අන්න එහෙමයි ෂාරියා ළමා අපචාරය ආරක්ෂා කරන්නේ..

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !