නිපුන්ගේ ශතකය සමඟ පළමු දිනය අවසන්

273
Singer U19 Schools Cricket St. Joseph's College vs St. Joseph's vaaz College report

සිංගර් 19න් පහල පාසල් ක්‍රිකට් තරගාවලියේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟයේ පළමු දිනය අද (31) ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා පිටියේදී නිමාවට පත්විය. මෙහිදී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් නිපුන් සුමනසිංහ සුපිරි ශතකයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සුපිරි ජයක්

කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි. ඒ අනුව පිටියට පැමිණි රීවන් කෙලී හා තශාන් පෙරේරා ලකුණු 30ක ආරම්භක සබඳතාවයක් පළමු කඩුල්ල සඳහා ගොඩනංවන ලදි.

කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටියදී පිටියේ එක්වූ නිපුන් සුමනසිංහ හා ජෙහාන් ඩැනියල් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 125ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර එම සබඳතාවයද අවසන් කරමින් චමෝද් ප්‍රනාන්දු එම කඩුල්ල දවාගන්නා ලදි. ජෙහාන් ඩැනියල් 4 පහර 7ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය දැවැන්ත ලකුණකට ගෙන යාමේදී එම මඟ ශතකයකින් අලංකාර කල නිපුන්  සුමනසිංහ 4 පහර 12ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත් අතර, ඔහුගේ කඩුල්ල නිරංජන රොද්‍රිගෝගේ නම ඉදිරියෙන් සටහන් විය. ඒ වන විට සාන්ත ජෝසප් විද්‍යාලයේ ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 289ක් ලෙස සටහන්ව තිබූ අතර අවසන් පෙළ සවිමත් කල දිනෙත් ජයකොඩි 4 පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ජෝසප් වාස් විද්‍යාලයේ පන්දු රකින්නන් සමත් විය. ඒත් සමඟින් සාන්ත ජෝසප් විද්‍යාලය තම පළමු ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – 303/08 (77.2) dec: නිපුන් සුමනසිංහ 122, ජෙහාන් ඩැනියල් 63, දිනෙත් ජයකොඩි 46, ධනංජය පෙරේරා 2/79, මදුෂාන් රණතුංග 2/54

අද සවස් කාලයේදී තම පළමු ඉණිම ආරම්භ කල වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ පළමු කඩුල්ල ලකුණු 14දී දවාලූ ජෙහාන් ඩැනියල් ආරම්භක අඩිතාලම බිඳ දමන ලදි.

ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 24/02 (15): අංජන රුක්මාල් 12, හරීන් කුරේ 1/1

මෙම තරගයේ දෙවන දිනය හෙට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට