ගෙවුනු දවස: ඔක්තෝම්බර් 29 – ශ්‍රී ලංකාව 317/4 (90)

193

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරු කෞෂාල් සිල්වා පන්දුවට පහර දෙමින් ©AFPරාජකීය විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

කුසල්ගෙන් ශතකයක්

ඊයේ (29) ආරම්භ වුනු ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය තුලදීම සිය අණසක පතුරවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් ඊයේ දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 317ක්. ශ්‍රී ලංකා පිළේ සෑම පිතිකරුවෙක්ම පාහේ ඊයේ ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර කෞෂාල් සිල්වා සහ කුසල් පෙරේරා ක්‍රීඩා කල ඉනිම් දෙක ඒ අතරින් කැපී පෙනුණි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 317 (පන්දුවාර 90): කුසල් පෙරේරා 110, කෞෂාල් සිල්වා 94, දිමුත් කරුණාරත්න 56, කුසල් මෙන්ඩිස් 37, උපුල් තරංග 13*, ධනංජය සිල්වා 10*, ග්‍රැහැම් ක්‍රීමර් 3/82, මැල්කම් වොලර් 1/25.

සම්පූර්ණ ලිපිය: කුසල් සහ කෞෂාල් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන යයි


සාන්ත බෙනඩික් විදුහලට ජය

සිංගර් වයස 19න් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) තරඟ කිහිපයක්ම අවසන් වූ අතර එහිදී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඉණිමක හා ලකුණු 58ක ජයග්‍රහණයක් ලබා ගනිද්දී, තවත් පාසල් කිහිපයකටම පළමු ඉණිමේ ජයග්‍රහණ වලින් සෑහීමකට පත්වීමට සිදු විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලීය පළමු ඉණිම – 248/08 (79.5): මහේෂ් තීක්ෂණ 61, දිනිත බස්නායක 53, දුලන්ත ලෙවිස් 51, කනිෂ්ක මධුවන්ත 5/69

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉණිම – 96/10 (36.5): තානුක දාබරේ 22, කවීෂ ජයතිලක 5/24

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 152/10 (48.3): අශීර් වර්ණකුලසූරිය 40, අවිශ්ක ප්‍රනාන්දු 25, හේලිත විතානගේ 3/25, ගෞතම රණසිංහ 2/32, හිමේශ් රාමනායක 2/38

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – 264/10 (71.5): තිවිදු සේනාරත්න 94, හේලිත විතානගේ 61, ප්‍රවීන් ජයවික්‍රම 3/80, අවිශ්ක ප්‍රනාන්දු 2/32, නුවනිදු ප්‍රනාන්දු 2/43

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 227/10(62.1): ලකිඳු නානායක්කාර 50, කවිදු මදාරසිංහ 49, කවීන් විජේරත්න 46, හිමේශ් රාමනායක 26, සොනුක ජයවර්ධන 22, ප්‍රවීන් ජයවික්‍රම 4/50, නිමේෂ් බණ්ඩාර 4/56

ද මැසිනොද් විද්‍යාලය පළමු ඉණිම – 164/10 (67): ශැන්ගිත් දේශාන් 41, මොහොමඩ් අමීන් 4/35

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – 275/08 (58.4): මනේකාර් ද සිල්වා 169, මිතිල ගීත් 2/22

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 143/10 (54): සන්තුෂ් ගුණතිලක 65*, අශේන් ප්‍රනාන්දු 3/28, ශසීන් ප්‍රනාන්දු 2/13

සම්පූර්ණ ලිපිය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සුපිරි ජයක්

දිනයක නිමාව