October 28, 2016

කාබන්ඩයොක්සයිඩ් වලින් එතනෝල් (ඉන්ධන)

කාබන්ඩයොක්සයිඩ් (CO2)  වලින් එතනෝල් ලබාගත හැකි නවතම ක්‍රමයක් සොයා ගැනීමට  Tennessee හි විද්‍යාඥන් කණ්ඩායමක් සමත් වී තිබේ. අහඹු ලෙස ලැබුණු ප්‍රතිපලයක් යයි සදහන් වන මෙම සොයා ගැනීම මගින් ලොව ප්‍රධානතම ගැටළුවක් වූ කාලගුණික විපර්යාස වලක්වාගැනීම සදහා කටයුතු කළ හැකි වනු ඇත.

තිරුගු, උක් ගස්, හෝ තෘණ විශේෂ වැනි ශාඛ මගින් නිපදවන පිළසකර කළ හැකි ගෘහස්ත නිෂ්පාදනයක් වූ මද්‍යසාර ඉන්ධනයක් ලෙස එතනෝල් භාවිතා කෙරේ.  E10, E15 ලෙස එතනෝල් සාමාන්‍ය ගැසොලින් (පෙට්‍රල්) සමග මිශ්‍ර කර භාවිතයට ගනු ලැබේ. E අක්ෂරයට පසුව ඇති අංකයෙන් ඉන්ධන මිශ්‍රණයේ එතනෝල් ප්‍රමානාත්මක් ප්‍රතිශතය දැක්වේ. කාබන්, තඹ  හා නයිට්‍රජන් වලින් උත්ප්‍රේරකයක් නිපදවීමට සමත්වූ ORNL (Energy’s Oak Ridge National Laboratory ) දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් පිරිසක් CO2  එතනෝල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රම වේදය සොයා ගෙන තිබේ. උත්ප්‍රේරකය සහ විභව අන්තරය CO2 ට ලබාදීම මගින් එතනොල් නිපදවීමට හැකි වූ බව පර්යේෂකයෝ පවසති. මෙහිදී සාමාන්‍ය අමුද්‍රව්‍ය නිනිති තාක්ෂණය මගින් පිළියෙළ කිරීමක් සිදු කර තිබේ.

කාලගුණ විපර්යාස සදහා මිනිසා නිපදවූ ප්‍රධාන හරිතාගාර වායුව CO2 වේ. හරිතාගාර වායු නිපදවීම සම්බන්ධ බොහෝ නීති හා නියමයන් පැනවි තිබුනද පෘථිවිය උණුසුම් විය හැකි උපරිම සිමාවෙන් ආරක්ෂාවීම  සදහා දෑනටමත්  වායු ගෝලයට නිදහස් වී ඇති CO2 ද වායුගෝලයෙන් ඉවත්කරගත යුතු බවට විද්‍යාඥන් දැනුම් දි ඇත. ඒ සදහා කාබන්ඩයොක්සයිඩ් (CO2) පෘථිවිය යට ගබඩා කිරීමේ ක්‍රමද ඉදිරිපත්වී තිබේ. එනමුත් එය ඉතා මිල අධික කටයුත්තකි.  

පරික්ෂණාගාරවල ක්‍රියාත්මක කළ මෙම පරිවර්තන ක්‍රමය ඉතා පහසුවෙන් කර්මාන්තශාලා මට්ටමින්ද ක්‍රියාත්මක කළ හැකි බවත් දහන ක්‍රියාවලිය ආපස්සට ක්‍රියා කරවිය හැකි බවත්  පර්යේෂක කණ්ඩායමේ  Adam Rodinone මාධ්‍යට ප්‍රකාශ කර තිබේ .සුර්ය හෝ සුළං බල විදුලිබලාගාර වලින් උත්පාදනය කළ විදුලිය ගබඩා කරගැනීමට සුදුසු බැටරි/කෝෂ CO2 වලින් ලබාගත් එතනෝල් යොදා නිෂ්පාදනය කළ හැකිය.

මෙසේ වායුගෝලයට නිදහස් වූ සහ නිදහස් වන  CO2 එතනෝල් බවට පත් කිරීමෙන් පෘථිවිය උණුසුම් වීම පාලනය කිරීමට මෙන්ම ලාභදායි බලශක්ති ජනනයට හැකියාව ලැබේ.

අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=VKaEA9cLuk8

0 comments:

Post a Comment