Thursday, October 27, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- සියදිවි නසා ගැනීම.(World's Second Highest Suicide Rate)





 දකුණු කොරියාව ඉතාම දියුණු රටකි. ආසියාවේ සතර වෙනුවට විශාලම ආර්ථිකය ඇත්තේ දකුණු කොරියාවටයි. එය ලෝකය සමග සැසදීමේදී 11 වැනියට පත්වේ. 

නමුත් අවාසනාවකට එය ලොව දෙවනුවට වැඩිම සියදිවි නසා ගැනීම් සිදුවන රටද වේ. ඒ ලෝක සවුක්ය සංවිදානයට අනුවයි. 

මෙහි වැඩිම සිවිදිවී නසා ගැනීම් වාර්තා වන්නේ වැඩිහිටියන් අතරය. එයට හේතුව වැඩිහිටි ජනතාව අතර පවත්නා දරිද්‍රතාවයයි. රටේ වැඩිහිටි ජනගහනයෙන් බාගයක් දර්ද්‍රතා රෙකාවෙන් පහල ජිවත් වේ. මේ රටේ වැඩිහිටි ජනතාවට සමාජ ආරක්ෂණ සහන මෙන්ම සමාජ සුබසාදනයද අහිමිය. 21 වන සියවසේ මෙම රටේ දරුවන් බහුතරය දෙමාපියන් බලා ගැනීම අහිමිව ඇත. තවද ග්‍රාමීය පළාත්වල මෙම සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය නාගරික පළාත් වලට වඩා වැඩිය. සුබසාදන ක්‍රමයට වැඩිපුර ආදාර හිමි නොවේ. 

අනෙක් වයස් මට්ටම් වලට වඩා අඩුවෙන් නමුත් පාසල් සහ විද්‍යාල සිසුන් අතරද ඉහල මට්ටමේ සියදිවි නසා ගැනීම් වාර්තා වේ. 

කාන්තාවන්ට වඩා දෙගුණයක් පිරිමි සියදිවි නසා ගැනීම් සිදු කරති. නමුත් සියදිවි නසා ගැනීමට තැත් කිරීම පිරිමින්ට වඩා ගැහැනුන් අතර වැඩි වේ. මිට හේතුව පිරිමි ජනගහනය සියදිවි නසා ගැනීම සදහා වඩාත් දරුණු ක්‍රම අනුගමනය කිරීමයි.


මෙම තත්වය කොරියාවට පැමිණි මා පුදුමයට පත් කල එකක් විය. ලංකාවේ පැවසෙන්නේ වසරකට පුද්ගලයින් 4000ක් පමණ සියදිවි නසා ගන්නා බවය.  මෙම දත්තයන් නිවැරදි දැයි මා හරියට දන්නේ නැත.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...