October 27, 2016

නැනෝ තාක්ෂණයේ නව පිම්මක්

ශී‍්‍ර ලාංකික   නිනිති තාක්ෂණ විශේෂඥයකු වූ චානක රූපසිංහ ප්‍රධාන ඔස්ට්‍රේලියානු විශේෂඥ කණ්ඩායමකට  කාබන් පමණක් යෙදු ලෝකයේ  ප්‍රථම නැනෝ තාක්ෂණික ලේසරය සොයා  ගැනීමට හැකි වී ඇත.  ග‍්‍රැෆේන්  (graphene) හා කාබන්  (carbon) යොදා තැනෙන මේ ‘ස්පැසරය’  කෙතරම් කුඩා  එකක් ද යත් ඒ මගින්   ඉතා කුඩා  මයික්‍රෝචිප්  මුද්‍රණය කළ හැකිය. අනාගතයේ   මෙය  ප‍්‍රකාශ පරිගණකවලට  හා   විවිධ තාක්ෂණ  අංශවලට  භාවිත කළ  හැකියි. එසේම මෙය නිනිති ප‍්‍රකාශතානික (nanophotonic) පරිපථ හා වර්තමානයෙහි භාවිත වන ඕනෑම කුඩා පරිපථයකටත් වඩා සියුම් ඉතා කුඩා පරිපථ තැනීමටත් යොදා ගන්න පුළුවන්.

මෙම ස්පැසරය ටී ෂර්ට්වලට, වෙනත් ඇඳුම්වලටද  ඇලවිය හැකි විම නිසා ජංගම දුරකථනය ලෙස ටී ෂර්ට් තුල ප්‍රින්ට් කිරීමට හැකිවේ. එමගින්  ජංගම දුරකථන ක්ෂේත්‍රය තුළ නව ඉදිරි පියවරක් තැබීමට මෙය විශාල පිටුවහලක් වේව්.  
  
එසේම මෙමගින් අනාගතයේදී, තාක්ෂණික අංශයෙන් වැඩි දියුණු කළ මෙවලම් හා උපාංග බිහි කිරීමට මග හෙළි විය හැක. නිදසුනක් වශයෙන් අද අප භාවිත කරන අධි විශාලනය කළ හැකි අන්වීක්ෂවලට වඩා දස ගුණයකටත් වඩා බලගතු අන්වික්ෂ සඳහා අධිකාච (hyperlenses) නිපදවීමට මෙය උපයෝගී කර ගත හැකියි.

දැනට ස්පැසර යොදා ගන්නේ ඉතා කුඩා මයික්‍රොප්‍රොසෙසර, මතක චිප් හා අතේ ගෙන යා හැකි කුඩා දර්ශන තිර තනන්නටයි.” 

මේ නව ස්පැසරය වානේ වලට වඩා ශක්තිමත්, තඹවලට වඩා හොඳ සන්නායකයක්.  ඉතාමත්   අධික උෂ්ණත්වයේදී පවා හොඳින් කි‍්‍රයා කිරීමේ හැකියාව තියෙනවා. ”පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා මේ නව ස්පැසරය පිළිකා මර්දනයටත් සාර්ථකව යොදා ගන්න පුළුවන් වෙයි කියා. මේ ස්පැසරය මගින් ජනනය  කරන විද්යුත් ක්ෂේත‍්‍රය මගින් නිරෝගී  සෛලවලට හානි නොකර පිළිකා සෛල  පමණක් විනාශ කළ හැකි” යැයි පවසන චානක වැඩිදුරටත් කියන්නේ, මේ වන විට විද්‍යාඥයන් නිනිති අංශූන් පිළිකා සෛල පමණක් තෝරාගෙන ඒවා පමණක් විනාශ කරන ආකාරය ගැන ක්‍රමවේදයන් සොයා ගෙන ඇති බවයි.


සකස් කලේ
ආනන්ද අබේරත්න
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
නොච්චියාගම 

1 comments:

Post a Comment