නිපුන් – ආකාෂ් ජෝසප් වාස් විදුහලට ජය මාවත විවර කරයි

260
Singer U19 Schools Cricket October 26th Roundup

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් වූ අතර ධර්මාශෝක – නාලන්ද විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

පසුගිය ලිපි: ලුම්බිණි – අනුරාධපුර විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරයි

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය

වර්තමානයේ හොඳ දක්ෂතා අතර සිටින කණ්ඩායමක් ලෙස සැලකිය හැකි වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය, මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් විය. තරගය පුරාවට පන්දුවෙන් ප්‍රබල දස්කම් දැක්වූ ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජය සහ ආකාෂ් නානායක්කාර මෙම ජයග්‍රහණයේ පෙර ගමන්කරුවන් වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය ලකුණු 116කට සිය ප්‍රථම ඉනිම නිමා කල අතර නිපුන් කඩුලු 5ක් ද, ආකාෂ් කඩුලු 4ක් දවාලමින් සර්වේසස් ජයමග අහුරාලූහ. පිලිතුරු ඉනිම වෙනුවෙන් ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 197ක් රැස් කරමින් මුල් ඉනිමේ ජය තහවුරු කර ගත් අතර නිපුන් ධනංජය එවර පිත්තෙන් ක්‍රියාත්මක වෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සිය දෙවැනි ඉනිම සඳහා සර්වේසස් විද්‍යාලය ලකුණු 178ක් රැස්කල අතර තරගයේ නිමාව සනිටුහන් වෙද්දී ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා සිටියහ.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 39.4)

සඳරු නෙත්මිණ 46, නිපුන් ධනංජය 5/33, ආකාෂ් නානායක්කාර 4/32.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 70.5)

නිපුන් ධනංජය 54, ධනුෂ්ක නිරන්ජන් 42, හසිත ගිහාන් 30, ‍යොහාන් පීරිස් 20, චරිත් හර්ෂණ 6/44, සඳරු නෙත්මිණ 2/40.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 64.2)

ඉසුරු උදයංග 57, සඳරු නෙත්සර 41, සුපුන් කවින්ද 21, ධනුෂ්ක නිරන්ජන් 5/31, ආකාෂ් නානායක්කාර 3/33.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 5)


ධර්මාශෝක විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර තරගය

වර්ෂාවෙන් බාධා පැමිණුන මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සියලු දෙනාම දැවී ලකුණු 159ක් රැස් කර ගත් අතර කොළඹ නාලන්දා විද්‍යාලය සිය මුල් ඉනිම සඳහා ලකුණු 247ක් වාර්තා කරන ලදී. මාලිංග අමරසිංහ වාර්තා කරන ලද ලකුණු 91 ඒ සඳහා මහෝපකාරී විය.

අද සවස් භාගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු ධර්මාශෝක පිතිකරුවෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා සිටියහ.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 50.4)

හර්ෂජිත් රුෂාන් 52, මධුෂාන් හසරංග 4/17, සුහඟ විජේවර්ධන 2/16, උමේක්ෂ ඩිල්ශාන් 2/45.

නාලන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 56.4)

මාලිංග අමරසිංහ 91, දසුන් සෙනවිරත්න 36, සුහඟ විජේවර්ධන 31, කළණ කප්‍රිය 23, කවිඳු මධුශාන් 4/80, හර්ෂජිත් රුෂාන් 3/39, නිමේෂ් මෙන්ඩිස් 2/24.

ධර්මාශෝක විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 123 (පන්දුවාර 29)

කවීෂ් කුමාර 35, සුහඟ විජේවර්ධන 2/25.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට