Microsoft සමාඟම විසින් අද දින විශේෂ වැඩසටහනක් New York හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනබව ඔබට අප විසින් මීට පෙරදී දැනුවත් කරණු ලැබුවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ Surface Hardware උපාංග හඳුන්වාදීමයි. ගිය වර්ෂයේදීද මෙම Surface Hardware Event එක ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට පැවැත්වුන බව ඔබට ඇතැම් විට මතක ඇති. ඒහිදී Surface Book, Lumia Phones, Surface Pro ඇතුලු විශේෂ උපාංග කීපයක්ම නිකුත් කලත් මෙවර එවන් උපාංග ගොඩක් නම් දැකගැනීමට හැකිවන්නේ නෑ.
මෙවර Microsoft සමාඟමේ ප්‍රධාන අරමුණ හා තේමාව වී ඇත්තේ ත්‍රිමාණ පරිසරය හා හැකියාව යන්නයි 3D and creativity . දැනට ලැබී ඇති ආරංචිමාර්ග වලට අනුවනම් Microsoft සමාඟම විසින් නවතම All-in-one Surface පරිගණකයක් නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා ඊට අමතර මෙම වැඩසටහනේදී ඉදිරියේ එන Windows 10 අප්ඩේට් ගැනද හෙලිදරු කරණු ඇති.
වැඩසටහණ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 : 30 පමණ ආර්ම්භවීමට නියමිත අතර ඔබට Facebook ඔත්සේ පහතින් වැඩසටහණට සම්භන්ධවිය හැකිය.
කෙසේ නමුත් මෙහිදී බලාපොරොතු විය හැකි හෙලිදරවු කිරීම් කීපයක් මෙසේ දැක්විය හැකිය.
Windows 10 updates පිලිබඳ විශේෂ හෙලිදරවු කිරීමක්
Surface all-in-one PC නැමති නවතම Surface පරිගණකය
3D and creativity
HoloLens and Xbox හි නවත නිකුත් කිරීම් හෝ වෙනත් විශේෂාංග
අපට ලැබුණු ආරංචිමාර්ගවල ට අනුව මෙවර Surface Book 2, Microsoft Band 3 , Surface Phone , Surface Pro 5 ඇතුලු උපාංග නම් නිකුත් කිරීමට කිසිදු සැලසුමක් නොමැත.