Wednesday, October 26, 2016

කොටි වෙනුවට ආවා ආවා

සර් ආවා නැගිටලා හිටං
මොකද බං ආවා නම් තවම හිටං ඉන්නේ ටිකක් ඇඳිගන්න කියපන්
නෑ සර් යාපනේ ආවා....
අහ් විජයකලාද..?
නෑ සර් යාපනේ ආවා කියලා..
කොහෙන් ආවත් කමක් නෑ. ඔහොම ටිකක් වාඩිවෙලා ඉන්න කියපන්. මං මේ ලාඩප්පා අතුටික හිටවලා එන්නම්.
(ටික වේලාවකින්)
කෝ දැන් ආවා කීව අය හිටං?
කවුරුවත් ආවේ නෑ සර්....
බොරු කියන්න එපා. දැන් ටිකකට කලින් තමුසේ කීවේ යාපනේ හිටං ආවා කියලා.
නෑ සර් මම කීවේ ආවා කියලා නෙමෙයි.
ලැම්බෝගිනි වගේ අතේ පත්තුවෙන බොරු කියන්න එපා මනුස්සයෝ. තමුසේ එහෙම නොකීවා නම් මෙහෙම අහන්න මට පිස්සුවක් තියෙනවාද?
නෑ සර් ආවා කියලා කණ්ඩායමක්
ඔව් මට තේරුණා බං කණ්ඩායමක් ආවා කියලා. කෝ දැන් ආපු උන්? මම විනාඩි පහක් පරක්කු වුණා කියලා ආපු උන් ගියාද? උන් දන්නේ නැද්ද මට තියෙන රාජකාරී ගැන. උදේම පත්තරේ බලලා ගස් කපන්න පෝමිට් දෙනවා. ඊට පස්සේ ලාඩප්ප හිටවනවා. උන් හිතාන ඇති මම නිකං ඉන්නවා කියලා හිටං.
අනේ නෑ සර් යාපනේ ආවා කියලා කණ්ඩායමක් කලබල කරනවාලු.
ඇයි මං යාපනේ ගිහින් උන්ට කළ කී දේවල් අමතක වෙලාද කලබල කරන්නේ? දකුණේ ආප්ප කාලා පනින එවුන් වගේමයි වුණුත්. බෝල් පොයිට්න්ට් පෑනක් තරම් විශ්වාස කොරන්න බෑ මුං. විජයකලාත් උන්ට එකතු වෙලාද?
ඔව් සර් උන් පොලිසියටත් ගහලා ගැහුවා කියලා පත්‍රිකාත් බෙදනවාලු.
ඉක්මණට මාලිගාවේ ආරක්ෂාව තරකරලා පත්තරේ ගේනවා. ආර්යාවට මගේ කහපාට සරමත් ගේන්න කියනවා මතක ඇතිව.
-------
'මුන්ට කරන මගුලක් ගැන මාව කලින් දැනුවත් කරන්න කියලා කී පාරක් කීවාද? මුන්ට කියනවාට වඩා හොඳයි කට ගලක උලා ගන්නවා. දැන් හෙට කියපන්කෝ ආවා නැගිට්ටා කියලාත් මම දැනගත්තේ පත්තරෙන් කියලා' එතුමා කමාටම කියා ගත්තාය..

1 comment:

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

පලමු වතාවට බ්ලොග් අඩවියට ගොඩවුනේ... කියවන්න සෑහෙන්න තියෙනවා වගේ...

 
සිය රට දේ සිරි සැප දේ !