Tuesday, October 25, 2016

කොරියානු දිනපොත (Korean Diary);- කිම්චි වල රස බැලුවෙමි. (Korean Food)


මගේ කොරියානු මිතුරියක් ඇයට ඉංග්‍රීසි උගන්වන ලෙස මගෙන් ඉල්ලීමක් කලාය. ඊයේ මම ඇයට ගෙදර වැඩක් දුනිමි. ඒ කොරියානු ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන ලෙසයි. ඒ වෙනුවට ඇය මට අද ආහාර වට්ටෝරුවක් දුන්නාය. මා කිවූ දේ ඇයට වැටහී ඇත්තේ ඒ අයුරිනි. මම එය පහත පල කරන්නෙමි.

''rib, kimchi, sea mustard soup, bulgogi, pork belly, hangover soup, bean paste soup, kimchi stew, bibimbap, adzuki bean gruel, chopped noodles, gimbap, stir fried rice cake, sundae. ''

කොරියානු කැම සියවස් ගණනක සමාජ දේශපාලන වෙනස්කම් සමග පරිණාමය වී තිබේ. එය සුවාබාවික පරිසරය සහ විවිද සංස්කෘතික ප්‍රවනතාවයන් හමුවේ වර්දනය වී ඇත. කොරියානු කෑම වල පදනම බත් එළවලු සහ මස්ය. මෙහිදී කිම්චි වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. 

ප්‍රාන්ත අනුව කෑම වර්ග සහ කෑම ද්රවිය වෙනස් ව ඇත. කොරියානු කෑම වෙලේ වඩාත් වැදගත්ම ආහාරය දාන්ය වර්ග වේ. කොරියානු රාජදානි වල පදනම වී ඇත්තේ දාන්ය පිළිබද මිත්‍යා විශ්වාසයන්ය. ගොගිරියෝ රාජදානිය පිහිටුවීමෙන් පසුව ජුමොන් වෙත සිය මව එවූ පරවියන් දෙදෙනෙකු ඔස්සේ බාර්ලි ඇට ලැබූ බව කියවේ. 

කොරියානු ආහාර වෙලේ වැදගත් තැනක් මාංශ වලට හමී වේ. මස් ලැබෙන්නේ දඩයම් කිරීමෙන් හා මාළු අල්ලිමෙනි. මුද ආසන්නයේ ජිවත් වන ජනතාව මාළු වර්ගද රට අබ්යන්තරයේ ජනතාව මස් වර්ගද ආහාරයට ගනී. හරක් මස් කුකුල් මස් උරු මස් මාළු සහ මුදු ආහාර මෙම මාංශ ආහාර වේ. 

මෙහි විවිද එළවලු වර්ග තිබේ. එයින් බොහොමයක් උයන්නේ නැතිව අමුවෙන්ද අනෙක් ඒවා විවිද ආකාරයට පිසීමෙන් පසුවද ආහාරයට ගනු ලැබේ. 

මිට අමතරව ඔවුස්හදිය ආහාර සහ බලු මස් ද ඇත. අද වන විට බලු මස් වල ජනප්‍රිය බව අඩුවී ඇත. මෙහිදී ගින්සෙන් කුකුල් මස් සුප් එක අමතක කල නොහැක.  

විවිද ආහාර දිසි වර්ග අතර කිම්චි වලට එනම් ගෝවා සහ රාබු වලින් සැදු මෙම ආහාරයට ඉතා වැඩි ජනප්‍රියත්වයක් හිමි වේ. 






                                               කිම්චි

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...