තුන්වන දිනයේදී හසන්තිගෙන් වාර්තාවක්

522
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ ඡායාරූපයකි. ©ThePapare.com
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ ඡායාරූපයකි. ©ThePapare.com

මෙවර ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බිහිවූ නව  තරග වාර්තා සංඛ්‍යාව 8 දක්වා ඉහල යන ලදී. ඒ තරගාවලියේ තුන් වන දිනයේදී මැණික්හින්න – වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ඩී. එම්. අයි. හසන්ති ක්‍රීඩිකාව වයස අවුරුදු 15න් පහල බාලිකා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමත් සමගයි. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා හසන්ති දැක්වූ දක්ෂතාව සටහන් වූයේ මීටර් 33.98ක් ලෙසයි.

පසුගිය ලිපි: කණිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා දෙවන දිනයේ වාර්තා වැස්සක්

පළමු දිනයේ පැවති වයස අවුරුදු 14න් පහල බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ සමිඳු නිමන්ත අදාළ වයස් කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඊයේ සමත් විය.

තුන්වන දිනයටත් තරග පැවැත්වුණු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදීයි. ඊයේ (24) දිනට අදාලව පැවති ඉසව් කිහිපයක ප්‍රතිඵල පහත දැක්වෙයි.

වයස අවුරුදු 15න් පහල – බාලිකා – හෙල්ල විසිකිරීම

  • රන් –  ඩී. එම්. අයි. හසන්ති – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 33.98 (නව තරග වාර්තාවකි)
  • රිදී – සශානි හංසිකා කුමාරි – කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය – මීටර් 30.26
  • ලෝකඩ – මේනුකා සෝමසිරි – කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 28.48

වයස අවුරුදු 14 න් පහල – බාලක – කවපෙත්ත විසිකිරීම 

  • රන් – සමිඳු නිමන්ත – රක්වාන රත්නාලෝක මහා විද්‍යාලය – මීටර් 39.62
  • රිදී – විශ්මිත පෙරේරා – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – මීටර් 37.07
  • ලෝකඩ – පී. මිතුෂන් – යාපනය හාට්ලි විද්‍යාලය – මීටර් 36.14

වයස අවුරුදු 15 න් පහල – බාලක – හෙල්ල විසි කිරීම 

  • රන් – දසිඳු ඩිල්ශාන් – හුනුමුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 49.58
  • රිදී – තුෂ්මිණ ක්‍රිෂ්මාල් – හලාවත ශාන්ත මරියා විද්‍යාලය – මීටර් 48.61
  • ලෝකඩ – ආර්. ඩී. අයි. එල්. ජයරත්න – ඉඳුල්ගොඩකන්ද ශ්‍රී නිස්සංක මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 47.71

වයස වුරුදු 14 න් පහල – බාලක – උස පැනීම 

  • රන් – එස්. මිථුන්රාජ් – යාපනය හාට්ලි විද්‍යාලය – මීටර් 1.65
  • රිදී – ඉරුශාන් ඉමංසල – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මීටර් 1.62
  • ලෝකඩ – තරිඳු තීක්ෂණ – ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය – මීටර් 1.62

වයස අවුරුදු 14 න් පහළ – බාලිකා – යගුලිය දැමීම 

  • රන් – නිහිංසා මන්ධිනී – යටියන මහා විද්‍යාලය – මීටර් 9.60
  • රිදී – ඔවිනි චන්ද්‍රසේකර – කොළඹ බිෂොප් විද්‍යාලය – මීටර් 8.77
  • ලෝකඩ – ඉමාෂා ගමගේ – ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල – මීටර් 8.57

ඊයේ දිනයේදී වර්ෂාව හේතුවෙන් තරග කිහිපයක් නොපැවැත් වුනු අතර එම තරග අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ සිව්වන සහ අවසාන දිනය අදයි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට