ගෙවුනු දවස: ඔක්තෝම්බර් 24 – අවුරුදු 16ක ක්‍රීඩකයෙකුගේ හැකියාව

388

සාන්ත තෝමස් විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ඩෙලෝන් පීරිස් මුල් ඉනිමේදී කඩුලු 6ක් ද, දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් ද වශයෙන් තරගය පුරාවට ලකුණු 89කට කඩුලු 11ක් බිඳ හෙලන ලදී ©ThePapare.comශ්‍රී ලංකා A සහ කොදෙව් A කණ්ඩායම් අතර පැවති පළමු ඒක් දින තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

මලල ක්‍රීඩා –

නව වාර්තා ගණන 8ක් දක්වා ඉහලට

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිශ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනයත් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේදී පැවැත්විය. තරගාවලිය පුරාවට කනිශ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් නව තරග වාර්තාවන් 8ක් බිහිකිරීමට සමත් විය. ඒ් අතර තරග වාර්තා සමකිරීම් 2ක් ද වාර්තා විය.

ඊයේ දිනයේ දී වයස අවුරුදු 15න් පහල බාලිකා හෙල්ල විසිකිරීම ඉසව්වෙන් නව වාර්තාවක් බිහිකිරීමට වලල ඒ රත්නායක විදුහලේ ඩී. එම්. අයි. හසන්ති සමත් විය. ඇය විසින් දැක්වූ දක්ෂතාවය මීටර් 33.98

ක්‍රිකට් –

මොරටුව පරදා ජය ගල්කිස්සට

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (24) තරග කිහිපයක් පැවැත්වුනු අතර ඉන් මුල් ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. කෙසේ නමුත් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ ගම්පහ බණ්ඩාරනායක සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර තරගයත් කල් දමන්නට සිදුවිය.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 61 (පන්දුවාර 30.5): ශෙහාද සොයිසා 17, ඩෙලෝන් පීරිස් 6/13, පවිත් රත්නායක 2/17.

සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 154 (පන්දුවාර 45.3): මන්තිල විජේරත්න 43*, දිනුර ගුණවර්ධන 36, මොහොමඩ් ඉශාක් 24, නිර්මාල් විජේසිංහ 2/24.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 68.1): නිශාන් මධුශංක 43, ඉසුරු ජයරංග 35, ප්‍රියදර්ශන ප්‍රනාන්දු 27*, ඩිල්ශාන් දුලක්ෂණ 21, ඩෙලෝන් පීරිස් 5/76, පවිත් රත්නායක 4/38.

සාන්ත තෝමස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 36 (පන්දුවාර 4.2): රොමේෂ් නල්ලපෙරුම 19, ශෙහාද සොයිසා 2/11.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 47.4): විනු හේමාල් 33, ‍රවිඳු සංජීව 31, අමිත දාබරේ 29, මදුරංග චන්ද්‍රරත්න 5/50, සිතුම් බණ්ඩාර 2/30, ඩිල්ශාන් ලක්ෂිත 2/38, රවින්ත ප්‍රභාෂ්වර 1/22.

සම්පූර්ණ ලිපිය: ඩෙලෝන්ගේ දඟ පන්දුව තෝමසුවන්ට මුල් ඉනිමේ ජයක් හිමිකර දෙයි


වැස්සෙන් බාධා වූ ප්‍රථම එක්දින තරගය

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරඟය ඊයේ ආරම්භ වූයේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය ජයග්‍රහණය කල කොදෙව් A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ඇන්ඩෘ ෆෙලෙචර් නොදැවී ලකුණු 7*ක් හා කයිල් හෝප් නොදැවී ලකුණු 28*ක් ලබාගෙන සිටින අතරතුර, උදෑසන 10.45ට පමණ වර්ෂාවෙන් තරඟයට බාධා එල්ල වීම නිසා තරඟය  අදට කල් දැමීමට විනිසුරුවරුන් ඇතුළු තරඟ තීරකවරුන් තීරණය කරන ලදි.

කොදෙව් A කණ්ඩායම – 69/02 (12.5): කයිල් හෝප් 28*, චැඩ්වික් වෝල්ටන් 16, අමිල අපෝන්සු 1/13, කසුන් රාජිත 1/22

සම්පූර්ණ ලිපිය: වර්ෂාව නිසා තරගය හෙටට කල් දමයි

දිනයක නිමාව