සිම්බාබ්වේ තරග සංචාරයේ ශ්‍රී ලංකා නායකත්වය රංගන හේරත්ට

1253
Upul Tharanga to replace injured Angelo Mathews translation

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අබාධය හේතුවෙන්, සිම්බාබ්වේ හී පැවැත්වෙන ටෙස්ට් තරග සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස රංගන හේරත් පත්කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: මධුශංක, ගමගේ, ගුණරත්න සහ කුමාර සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට

1981 දී ටෙස්ට් වරම් දිනා ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 14 වන නායකයා වශයෙන් හේරත් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නියමිතයි. මීට පෙර කිසිම අවස්ථාවකදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර නැත. සෙනසුරාදා දින පුහුණුවීම් අතර තුරදී පෙර තිබු ආබාධය වැඩි වීමත් සමඟ යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට මැතිව්ස්ට නොහැකි වූ අතර සුභවාදී නොවූ වෛද්‍ය වාර්තා වලට අනුව මෑතකදී අවසාන වූ ඕස්ට්‍රේලියානු තරගාවලියෙන්ද ඉවත් වීමට ඔහුට සිදු විය.

කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් හටද, සැප්තැම්බර් මස පැවතී වෙළද සේවා තරගාවලියේදී සිදුවූ අබාධයක් නිසාවෙන් සිම්බාබ්වේ තරග සංචාරය අහිමි වෙයි.  

වමත් පිතිකරු උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමට ඇතුලත් කර ඇත. 31 හැවරිදී තරංග, අත්දැකීම් අඩු ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමට එක් වන්නේ කණ්ඩායමේ නිත්‍ය නායක සහ උප නායකයන්ගේ දායකත්වය මෙම තරගාවලියේදී කණ්ඩායමට නොලැබෙන නිසාවෙනි.

2005 වසරේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිමින් කඩින් කඩ කණ්ඩායමට එකතු වූ ඔහු වසර 11 ක් පුරාවට තරග 21 කදී ජාතික කණ්ඩායම නියෝජයනය කර ඇත. ඔහුගේ අවසාන ටෙස්ට් තරගය වන්නේ 2015 වසරේ ඉන්දියාවට එරෙහිව එස්. එස්. සි. පිටියේ පැවතී තරගයයි.

ටෙස්ට් ලකුණු 1165ක් සමග, ඔහුගේ 3 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් දිවියේ හොදම ලකුණු සංඛ්‍යාව 2006 වසරේ බංගලාදේශයට එරෙහිව ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුවත් ඉන් පසු ලකුණු 100 සිමාව පසු කිරීමට ඔහුට හැකි නොවීය.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 29 වන දින හරාරේ හිදී ආරම්භ වීමට නියමිතයි.  

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට