ගෙවුනු දවස: ඔක්තෝම්බර් 22 – 18න් ඉහල දක්ෂතම ක්‍රීඩකයා මැතිව්

439
කනිශ්ඨ ජෝන් ටාර්බට් ක්‍රීඩා උළෙලේ වාර්තාවක් සමකල සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව 54 වැනි කනිශ්ඨ ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්.

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 මලල ක්‍රීඩා 

සදීපා හෙන්ඩර්සන් තරග වාර්තාවක් සමකරයි

47 වන වරට පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (22) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. අති විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා පිලිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහාතාගේ ප්‍රධානත්වයෙනි.

වයස අවුරුදු 15න් පහල – බාලිකා – දුර පැනීම

  • රන් – සදීපා හෙන්ඩර්සන්  (තරග වාර්තා සම කිරීමකි)- ගේට්වේ ජාත්‍යන්තර පාසල – මීටර් 5.32
  • රිදී – ඒ. බී. නිල්මිණි – විහාරගල මහා විද්‍යාලය – මීටර් 5.05
  • ලෝකඩ – සනාලි යස්විනා – ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව – මීටර් 5.03

වයස අවුරුදු 15න් පහල – බාලිකා – හෙල්ල විසි කිරීම

  • රන් – සරීෂා ගුණසේකර – කොළඹ කාන්තා විද්‍යාලය – මීටර් 29.86
  • රිදී – පූර්ණිමා සඳරුවනි – සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස් උසස් විද්‍යාලය – කඳාන – මීටර් 25.74
  • ලෝකඩ – මේනුකා සෝමසිරි – කහවත්ත මාධ්‍ය මහා විද්‍යාලය – මීටර් 25.61

සම්පූර්ණ ලිපිය: ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ පළමු දිනයේදීම වාර්තා සමකිරීමක්


 ක්‍රිකට් 

තරූෂ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (22) පැවති තරග අතුරින් සාන්ත පීතර, සාන්ත බෙනඩික්ට්, ධර්මාශෝක සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල මුල් ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරද්දී මහනුවර ධර්මරාජ විද්‍යාලය ලබා ගත් මුල් ඉනිමේ ජයග්‍රහණය කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 70.2) දේශාන් ගුණසිංහ 116, කසුන් ගුණවර්ධන 82, උදන්ත අමරකෝන් 27, කවීෂ දුලාංජන 6/87.

සාන්ත ඇන්තනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 91.3) කවිඳු මධූක 48, අරින්ද පසිඳු 40, අවිශ්ක තරිඳු 34, ගිහාන් විතාරණ 7/90.

ධර්මරාජ විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 71 (පන්දුවාර 22) චතුරංග අළුදෙණිය 20*, ඩිලෝන් ප්‍රසන්න 3/15.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 255 (පන්දුවාර 82) නිපුන් සුමනසිංහ 82, දිනෙත් ජයකොඩි  31, සචිත මහින්දසිංහ 33*, කවිඳු එදිරිවීර 3/67.

මහින්ද විද්‍යාලය සියල්ලන්ම දැවී 216 (පන්දුවාර 92) රවිඳු හංසික 71, හරීන් කුරේ 3/45, නිපුන් සුමනසිංහ 3/14.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) එක් කඩුල්ලක් දැවී ලකුණු 66 (පන්දුවාර 14) ජෙහාන් ඩැනියෙල් 36*.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 32.4) මුදිත ලක්ෂාන් 38, විහාන් කුලතුංග 34, නිමේෂ් බණ්ඩාර 3/35, විශේන් සිල්වා 2/19, පසිත් පෙරේරා 2/30.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 399 (පන්දුවාර 96) තරූෂ ප්‍රනාන්දු 200*, රොශේන් ප්‍රනාන්දු 85, මලින්ත පීරිස් 44, නුවනිඳු ප්‍රනාන්දු 22, මුදිත ලක්ෂාන් 4/84, පැතුම් දෙමාෂ 2/88.

සම්පූර්ණ ලිපිය: තුන් ඉරියව් දක්ෂතා නිසා ධර්මාශෝකයට මුල් ඉනිමේ ජයක්


 පිහිනුම් 

18න් පහල ශූරිය කිමිකෝ රහීම්

පසුගිය 18 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකයේදී ආරම්භ වූ ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය ඊයේ සවස නිමාවට පත්විය. ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩී. එම්. ආර්. ඩී. ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ති උත්සවය පැවැත්විණි.

එහිදී  තරගාවලියේ

  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ කෙනීශා ගුප්තා (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩකයා – ඉන්දියාවේ සන්ජෙයි ජයක්‍රිශනන්. (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ශ්‍රී ලංකාවේ කිමිකෝ රහීම් (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – කයිල් අබේසිංහ (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ ජයෝට්සනා රාජේන්ද්‍ර (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ (රන් පදක්කම් 05)

ශූරතා ලකුණු සටහනට අනුව තරගාවලියේ

  • ශූරතාවය – ඉන්දියාව (රන් පදක්කම් 121, රිදී 77, ලෝකඩ 18  – මුළු පදක්කම් 216)
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව (රන් පදක්කම් 28, රිදී පදක්කම් 66, ලෝකඩ 95 – මුළු පදක්කම් 189)
  • තෙවන ස්ථානය – බංගලාදේශය (රන් පදක්කම් 02, රිදී පදක්කම් 02, ලෝකඩ  පදක්කම් 05-මුළු පදක්කම් 09)
  • සිව්වන ස්ථානය – පාකිස්ථානය (රන් පදක්කම් 01, රිදී පදක්කම් 03, ලෝකඩ 02 – මුළු පදක්කම් 06) හිමි කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ජල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය ඉන්දියාවට, ශ්‍රී ලංකාවට අනුශූරතාවය

දිනයක නිමාව