තුන් ඉරියව් දක්ෂතා නිසා ධර්මාශෝකයට මුල් ඉනිමේ ජයක්

422
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද (22) පැවති තරග අතුරින් සාන්ත පීතර, සාන්ත බෙනඩික්ට්, ධර්මාශෝක සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල මුල් ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරගන්නා ලදී.

පසුගිය ලිපි: මහේෂ්ගේ පන්දුව බෙනඩික්ට් විද්‍යාලයට වැඩි වාසි හිමිකර දෙයි

සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. ඔවුන් මුල් ඉනිමට ලකුණු 219ක් රැස් කල අතර ලක්ෂිත රොද්‍රිගෝ ඒ වෙනුවෙන් ලකුණු 91කින් දායකත්වය සපයන ලදී. ඉනිම හඹාගිය ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 184කට සීමාවූ අතර සිය දෙවන ඉනිම සඳහා සාන්ත පීතර ක්‍රීඩකයෝ සියල්ලන්ම දැවී ලකුණු 115ක් රැස් කර ගත්හ. තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 7ක් ලබා සිටියහ.

සාන්ත පීතර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 79.2)ලක්ෂින රොද්‍රිගෝ 91, සන්තුෂ් ගුණතිලක 65, විමුක්ති නෙතුමාල්  4/68.

ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 61) කලණ ද සොයිසා 30, ශම්මුගනාදන් ශැනොගීත් 27, මොහොමඩ් අමීන් 4/36, චතුර ඔබේසේකර 4/72.

සාන්ත පීතර විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 40.5) සලිත් ප්‍රනාන්දු 54, ශම්මුගනාදන්  ශැනොගීත් 5/33.

ත්‍රිත්ව විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 7 (පන්දුවාර 2).


කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජය හිමිකර ගත් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය. වෙස්ලි විද්‍යාලය ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙමින් ලකුණු 154ක් රැස් කල අතර එය හඹාගිය බෙනඩික්ට් පිතිකරුවන් සියලු දෙනාම දැවී ලකුණු 191ක් ලබාගන්නා ලදී. වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ රුචික දන්ගල්ල ලකුණු 39ට කඩුලු 8ක් බිඳ හෙලීය. තරගය නිමාවන විට දෙවන ඉනිම වෙනුවෙන් වෙස්ලි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 113කි.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 55.2) තිසුරක අක්මීමන 34, ජේසන් ද සිල්වා 32, තිමිර ජයසේකර 27, මහේෂ් තීක්ෂණ 5/38.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 58.2) දිනිත බස්නායක 39, ඩිලන් චතුරංග 38,  රුචික දන්ගල්ල 8/39.

වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 113 (පන්දුවාර 62.1) මොවින් සුබසිංහ 45, නිරෝශ් අර්ශණ 3/40.


කොළඹ සහිරා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

මෙම තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයකට උරුමකම් කියූහ. සහිරා විද්‍යාලයේ ලකුණු 241ට පිලිතුරු ලෙස ධර්මාශෝකය දැවැන්ත ලකුණු 337ක් රැස්කල අතර කවීෂ් කුමාර ලකුණු 90ක් වාර්තා කරන ලදී. තරගය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 164ක් රැස් කරගෙන සිටියහ. අම්බලන්ගොඩ ධර්මාශෝකයට පූර්ණ තරග ජයග්‍රහණයක් කරා ගමන් කිරීමේ ඉඩකඩ අහුරාලූ සජිත් සමීර නොදැවී ලකුණු 113ක් රැස් කරමින් විශිෂ්ට දස්කම් දැක්වීය.

කොළඹ සහිරා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 75.5) මොහොමඩ් ශමාස් 88, මොහොමඩ් මධි 31, කවිඳු නදීශාන් 6/70.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 337 (පන්දුවාර 70.3) කවීෂ් කුමාර 90, දිනුක ඩිල්ශාන් 85, හංසජිත් රුෂාන් 42, ඉශාන් සම්සුදීන් 4/71.

කොළඹ සහිරා විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 164 (43) සජිත් සමීර 113*.


කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය

කඳාන ද මැසිනෝද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගයෙන් මුල් ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගත්තේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයයි. ඔවුන් මුල් ඉනිමට ලකුණු 263ක් රැස් කරගත් අතර හෂාන් ප්‍රියදර්ශන ලකුණු 99කින් ඊට දායකත්වය සැපයීය.

එය හඹාගිය ද මැසිනෝද් විද්‍යාලය ලකුණු 117කට සියලු දෙනා දැවී ගිය අතර නැවත වරක් පන්දුවට පහර දීමට සිදුවුණු ඔවුන් දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබා සිටියහ. දෙවැනි ඉනිම වෙනුවෙන් ද මැසිනෝද් විද්‍යාලයේ ක්‍රිෂාන් සන්ජුල ශතක වාර්තා කරගන්නා ලදී.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 70.4) හෂාන් ප්‍රියදර්ශන 99, මොහොමඩ් රිෆාස් 50, ගනිදු දෙව්මිණ 28, දේශාන් ප්‍රනාන්දු 2/61, හශේන් ප්‍රනාන්දු 4/27, රොශාන්ත සෙනවිරත්න 2/43.

ද මැසිනෝද් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 44.3) ක්‍රිෂාන් සන්ජුල 23, ප්‍රමුක ගයේශාන් 5/25.

ද මැසිනෝද් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 161 (පන්දුවාර 39) ක්‍රිෂාන් සන්ජුල 111, ප්‍රමුක ගයේශාන් 5/69.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට