ආනන්ද – මලියදේව සටන ජය පරාජයෙන් තොරයි

535
Singer U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ ඉතාමත් කාර්යබහුල දිනයක් වූ අද (21) පළමු කාණ්ඩයේ නිමාවට පත්වූ එකම තරගය වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයයි. එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර අනෙක් තරග ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

පසුගිය ලිපි: රාජකීය පිටියේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින්ගෙන් වැඩි දස්කම්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

මලියදේව විද්‍යාලයේදී පැවැත්වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ආනන්ද විද්‍යාලයේ ලකුණු 158ට පිලිතුරු ලෙස මලියදේව විද්‍යාලය ලකුණු 238ක් රැස් කල අතර එහිදී මලියදේව විද්‍යාලය වෙනුවෙන් දර්ශනීය පිති හරඹයක යෙදුනු දුලාජ් රණතුංග ලකුණු 111ක් වාර්තා කරන්නට සමත් විය.

මලියදේව ප්‍රථම ඉනිමට වඩා ලකුණු 80ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ කොළඹ ආනන්ද විද්‍යාලය, තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 19ක් රැස් කරගෙන සිටියහ.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 48.2)

කවිශ්ක අන්ජුල 67, ලහිරු හිරන්‍ය 27*, දමිත සිල්වා 4/50, සජීවන් ප්‍රියදර්ශන 5/59.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 238 (පන්දුවාර 79)

දුලාජ් රණතුංග 111, දිනජය ප්‍රේමරත්න 36, සුපුන් සුමනරත්න 34, දිලීප ජයලත් 3/56, ශම්මු අශාන් 2/33, අචිල ඉරංග 2/36.

ආනන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 19 (පන්දුවාර 5).


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ගාල්ල මහින්ද විද්‍යාලයට හිමිවූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් නිපුන් සුමනසිංහ ලකුණු 82ක් රැස්කල අතර කවිඳු එදිරිවීර කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

දිනයේ අවසාන භාගයේදී පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු ගාල්ල මහින්ද පිතිකරුවන්ට මුහුණදීමට හැකි වූයේ පන්දුවාර 11කට පමණි. එහිදී සුපරික්ෂාකාරී පිතිකරණයක නියැලුණු ඔවුන් අද දිනයේ රැස් කර ගත්තේ ලකුණු 7ක් පමණි.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 255 (පන්දුවාර 82)

නිපුන් සුමනසිංහ 82, දිනෙත් ජයකොඩි 31, සචිත මහින්දසිංහ 33*, කවිඳු එදිරිවීර 3/67.

මහින්ද විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 11).


ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

සාන්ත ඇන්තනි විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ මහනුවර ධර්මරාජ විද්‍යාලයටයි. ඔවුන් මුලින්ම පිතිකරණයේ යෙදීම තෝරාගත් අතර දේශාන් ගුණසිංහගේ ශතකයත්, කසුන් ගුණවර්ධනගේ ලකුණු 82ත් ආධාරයෙන් ලකුණු 283ක හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට ඔවුන් සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන වත්තල සාන්ත ඇන්තනි පිතිකරුවෝ පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටිති.

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 70.2)

දේශාන් ගුණසිංහ 116, කසුන් ගුණවර්ධන 82, උදන්ත අමරකෝන් 27, කවීෂ දුලාංජන 3/31.

සාන්ත ඇන්තනි විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 38 (පන්දුවාර 16).


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයක් වූ මෙයට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සත්කාරකත්වය දරයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය අසාර්ථක පිතිකරණයක යෙදෙමින් ලකුණු 121කට සියලුම කඩුලු අහිමි කරගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 73ක් ලබා සිටියි. තරගය හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 32.4)

මුදිත ලක්ෂාන් 38, විහාන් කුලතුංග 34, නිමේෂ් බණ්ඩාර 3/35, විශේන් සිල්වා 2/19, පසිත් පෙරේරා 2/30.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 73 (පන්දුවාර 25)

මලින්ත පීරිස් 34*, නුවනිඳු ප්‍රනාන්දු 22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට