මහේෂ්ගේ පන්දුව බෙනඩික්ට් විද්‍යාලයට වැඩි වාසි හිමිකර දෙයි

224
Singer U19 Schools Cricket

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරය යටතේ අද (21) පැවති පළමු කාණ්ඩයේ තරග බොහොමයක් දෙපිළටම සම වාසි හිමිවන අයුරින් පැවැත්වුනු අතර සාන්ත බෙනඩික්ට් – වෙස්ලි විද්‍යාල අතර තරගයේ පෙරමුණ ගැනීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: ආනන්ද – මලියදේව සටන ජය පරාජයෙන් තොරයි

කොළඹ සහිරා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

සහිරා විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ ප්‍රථම දිනය නිමා වන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ සහිරා විද්‍යාලීය පිතිකරුවෝ සියල්ලන්ම දැවී ලකුණු 241ක් රැස්කර ගත්හ. ඒ වෙනුවෙන් මොහොමඩ් ශමාස් ලකුණු 88ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී කවිඳු නදීශාන් කඩුලු 6ක් බිඳ හෙලන ලදී.

කොළඹ සහිරා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 75.5)

මොහොමඩ් ශමාස් 88, මොහොමඩ් මධි 31, කවිඳු නදීශාන් 6/70

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 26 (පන්දුවාර 7)


කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොළඹ වෙස්ලි විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයටයි. ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගනිමින් වෙස්ලි විද්‍යාලීය පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 154ක් තුල දවා ගැනීමට සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු මහේෂ් තීක්ෂණ ලකුණු 38ට කඩුලු 5යි.

දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන දිනිත බස්නායක ලකුණු 39යි.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 55.2)

තිසුරක අක්මීමන 34, ජේසන් ද සිල්වා 32, තිමිර ජයසේකර 27, මහේෂ් තීක්ෂණ 5/38.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 85 (පන්දුවාර 25)

දිනිත බස්නායක 39*, ඩිලාන් චතුරංග 27*.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය

කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට හිමිවූ අතර ඔවුන් මුල් ඉනිමේ රැස්කල ලකුණු සංඛ්‍යාව 263කි. අගනා පිති හරඹයක නියැලුණු හෂාන් ප්‍රියදර්ශන තම ශතකයට එක් ලකුණක් මෙපිටින් දැවී ගියේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කඳාන ද මැසිනෝද් විද්‍යාලය දිනය නිමා වන විට ලකුණු 64කට කඩුලු 4ක් බිඳ වැටී තරමක් අසීරු තත්වයක පසුවේ.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 70.4)

හෂාන් ප්‍රියදර්ශන 99, මොහොමඩ් රිෆාස් 50, ගනිදු දෙව්මිණ 28, දේශාන් ප්‍රනාන්දු 2/61, හශේන් ප්‍රනාන්දු 4/27, රොශාන්ත සෙනවිරත්න 2/43.

කඳාන ද මැසිනෝද් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 64 (පන්දුවාර 19.2)

ප්‍රමුක ගයේශාන් 3/10, ක්‍රිෂාන් සන්ජුල 23.


කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසියේ ජයග්‍රාහකයින් බවට පත්වූයේ සාන්ත පීතර විද්‍යාලයයි. ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් රැස්කල ලකුණු සංඛ්‍යාව 219කි. ලක්ෂින රොද්‍රිගෝ ඒ වෙනුවෙන් ලකුණු 91කින් ආධාර වූ අතර විමුක්ති නෙතුමාල් කඩුලු 4ක් තමා නමින් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ත්‍රිත්ව විද්‍යාලීය පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටියි. හෙට මෙම තරගයද ඇතුළුව තවත් බොහෝ තරග නිමාව දකින අතිශය උණුසුම් ක්‍රීඩාශීලී දිනයකි.

සාන්ත පීතර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 79.2)

ලක්ෂින රොද්‍රිගෝ 91, සන්තුෂ් ගුණතිලක 65, විමුක්ති නෙතුමාල් 4/68.

ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 53 (පන්දුවාර 16)

ශම්මුගනාදන් ශැනොගීත් 27.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට