17 දෙනෙක් කොන්ත්‍රාත්තුවට එකඟ වෙයි

402
Sri Lanka Cricket

ක්‍රීඩකයන් 17 දෙනෙකු පමණක් මධ්‍යම තරඟ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට සිය අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස කළ නිකුත් කල නිල නිවේදනයේ දැක්වේ.

පසුගිය ලිපි: ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් අත්සන් කිරීමට දින නියම කෙරේ

ඒ සමඟම දිගු කාලයක් මුළුල්ලේ පැවති මතභේදය අවසන් කරමින්, කප්පාදු කරන ලද ගෙවීම් කිහිපයක්ද සහිතව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව තරඟ කොන්ත්‍රාත්තු ආවරණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබේ. ක්‍රීඩකයන්ගේ නව වාර්ෂික තරඟ කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත අඩු වැඩි වන ආකාරයට සකස් කොට ඇත.

ගතවු අවසන් දින කිහිපයේදී ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර පැවැත් වුණු හමුවීම් කිහිපයක් ගැනද, ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට අදිමදි කිරීම ගැනද  වාර්තා පලවිය. ක්‍රීඩකයන් එකඟ වු මුදල් ප්‍රමාණයන් සහ ක්‍රීඩක වර්ගීකරණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අනාවරණය කොට නැත.

කොන්ත්‍රාත්තුගත ජාතික ක්‍රීඩකයන් 17දෙනා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ.

ජාත්‍යන්තර පිටියට අළුතින් පා තැබු මෙන්ඩිස්, සඳකැන්, වැන්ඩර්සේ, ධනංජය, චමීර සහ ගුණතිලක වැනි ක්‍රීඩකයන් මධ්‍යම කොන්ත්‍රාත් පදනමට අයත් වන්නේ ප්‍රථම වතාවටයි. එළඹෙන සිම්බාබ්වේ ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊලඟ සඳුදා දින දිවයිනෙන් පිටත්ව යන බැවින් අදාළ ක්‍රීඩකයන් 17 දෙනාට මෙසේ අනුමැතිය හිමිවී ඇත.

පෙරදී වාර්තා වු පරිදි යොවුන් නැගී එන සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් හැටපස් දෙනෙකු අතුරින් තිස් දෙනෙකුට ජාතික කොන්ත්‍රාත්තු ලැබෙන්නට නියමිතව තිබිණි. පෙර සඳහන් කළ ක්‍රීඩකයන් 17 දෙනා අතර කැපී පෙනෙන හිඩැස් වන්නේ ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද් යන ජේෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩකයින් ද්විත්වය සහ තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, උපුල් තරංග, සචිත්‍ර සේනානායක යන ක්‍රීඩකයන්ගේ නම් ය.

තවත් ක්‍රිකට් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට

Crawler