ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් වැඩි දස්කම්

785
Asen Bandara

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (19) නිමාවට පත්වුනු සාන්ත ඇලෝසියස් – අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබන්නට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වෙද්දී පළමු කාණ්ඩයේ අනෙක් තරග වලට වර්ෂාවෙන් බාධා සිදුවිය.

පසුගිය ලිපි: කොළඹ ඉසිපතන සහ ආනන්ද මුල් ඉනිමේ ජයග්‍රහණ ලබති

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

අශේන් බණ්ඩාරගේ සුපිරි පිතිකරණයත්, හරීන් වීරසිංහගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් මුල් ඉනිමේ පහසු ජයක් ලබන්නට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට ඇලෝසියස් විද්‍යාලය සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 91ක් ලබා සිටි අතර එම ලකුණු සංඛ්‍යාව 355ක් දක්වා ඔසවා තබන්නට අද දින ඔවුන්ට හැකියාව ලැබුණි. ඒ අතරතුර බිඳ වැටුනේ ඇලෝසියස් කඩුලු 3ක් පමණි. මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් අශේන් බණ්ඩාර ද්විත්ව ශතකයකින් ආධාර වූ අතර නවිඳු නිර්මාල් රැස් කල ලකුණු සංඛ්‍යාව 105කි.

දිනය නිමාවන විට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වඩා ලකුණු 166ක් පසුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ අනුරාධපුර විද්‍යාලීය පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 31ක් ලබා සිටියහ. මෙම තරගය පුරාවට ලකුණු 88කට කඩුලු 8ක් බිඳ හෙලමින් සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හරීන් වීරසිංහ දස්කම් දක්වන ලදී.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 69.1)

ලහිරු ලියනගේ 54, හේෂාන් සෙනිර 43, හරීන් වීරසිංහ 6/70, නිදුක මල්සිත් 3/24.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 355 (පන්දුවාර 82.3)

අශේන් බණ්ඩාර 200*, නවිඳු නිර්මාල් 105.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 31 (පන්දුවාර 12.5)

හරීන් වීරසිංහ 2/18.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

රාජකීය විදුහල් ක්‍රීඩා පිටියේදී ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා අද දවස තුල යැවිය හැකි වූයේ පන්දුවාර 42යි පන්දු 2ක් පමණි. ඒ අතර වාරයේ කාසියේ වාසිය දිනා පන්දු රැකීම තෝරාගත් රාජකීය විද්‍යාලයේ ආරාධනයට අනුව පිටියට පිවිසි රිච්මන්ඩ් පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 189ක් රැස් කර ගැනීමට සමත් වී තිබුණි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ලකුණු 61ක් රැස්කල අතර 19න් පහළ ලෝක කුසලානයේදී කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්වූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 45ක් ලබාගෙන අර්ධ ශතකය පෙනෙන මානයේ පසුවෙයි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 189 (පන්දුවාර 42.2)

ධනංජය ලක්ෂාන් 61, කමිඳු මෙන්ඩිස් 45*, චාමික හේවගේ 33, ආදිත්‍ය සිරිවර්ධන 26*, ගනිත් සන්දීප 2/43.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවටCrawler