කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ?


ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ Smartphone ඇවිත් තියෙන අලුත්ම පහසුකමක් ගැන ඉතින් ඔයාලා මේ ගැන අහලා දැකලත් ඇති මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගේ phone එක Wire එකකින් කිසිම දෙයකට සම්බන්ධ නොකර ඔයාගේ phone එක Charge කරගන්න ඉතින් අපි දැන් බලමු කොහොමද මෙහෙම charge වෙන්නෙ කියලා මම මුල ඉදන්ම විස්තර කරගෙන යන්නම්.

ඔයා දන්නවා ඇති Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ඉතින් මේ උපකරණවල ඇතුලේ කම්බි දගර දෙකක් ඔතලා තියෙනවා. ඉන් එකක් තමයි ප්‍රාථමික දගරය අනිත් එක තමයි ද්විතික දගරය.ප්රාථමික දගරය Phone එක ඇතුලෙත් ද්විතික දගරය Wireless Charger එක ඇතුලෙත් පිහිටලා තියෙනවා.Transformers වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එවා තමයි
1.අවකර පරිණාමක
2.අධිකර පරිණාමක

මම දැන් කියන්න යන Wireless charge වල තියෙන්නේ අවකර පරිණාමකයක් ඒ කියන්නේ ලොකු විදුලියක් එක් කම්බි දගරයකට දුන්නාම අනිත් කම්බි දගරයෙන් කුඩා විදුලි බලයක් එලියට ගන්න පුලුවන්.ඉතින් මේ කම්බි දගරයෙන් කොහොමද විදුලියක් නිපදවෙන්නේ? පොඩි කාලේ ඔයාට මතක ඇති පොඩි කම්බි දගරයක් අරගෙන එකේ +,- දෙක ගැල්වනෝමිටරයකට සම්බන්ද කරලා ලොකු චුම්බක කැල්ලක් කම්බි දගරය ගාවින් එහා මෙහා අරන් යනකොට අර ම්ටර් එකේ කටුව චලනය වෙනවා. ඒ කියන්නේ විදුලියක් නිපදවෙනවා කියන එක.



ඉතින් අර Wireless charger එකේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති ඔයා දන්නවනේ අපේ ගෙදරට එන Current එක Ac Voltage එකක් ඒ කියන්නේ කාලයට අනුව එකේ +,- මාරුවෙනවා ඉතින් ඒ කියන්නේ අපි Current එක Wireless charge එකට දුන්නාම කාලයට අනුව දගරයේ ගලන ධාරාවේ පැත්ත මාරුවෙනවා එතකොට මම දැන් අර ඔයාට කිව්වා වගේ Wireless Charger එක ඇතුලේ තියෙන දගරයෙන් චුම්බක බලයක් නිපදවෙනවා.අන්න ඒ චුම්බක බල රේඛා අපේ Phone එක ඇතුලේ තියෙන අනිත් කම්බි දගරයේ ගිහිල්ලා හැප්පෙනවා එතකොට ඒ දගරයෙත් අර ද්විතියික දගරයෙන් ඇති ධාරාවට සමාන ධාරාවක් ඇති වෙනවා. මෙන්න මේ චුම්බක බලයෙන් තමයි Current එක වාතය හරහා ගමන් කරන්නේ.



ඉටපස්සේ ඒ ධාරාව ඍජුකරනය වෙලා තමයි Battry එකට යන්නේ මේ තියෙන්නෙ ඍජුකරන පරිපථයක්





ඔන්න දැන් ඔයාට තෙරෙන්න ඇති Wireless Charging වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ Charage එක හොදට සහ ඉක්මනින් වෙන්න නම් Phone එකයි Charger එකයි ගොඩක් ලගින් තියෙන්නත් ඔනි. ඔන්න ඉතින් ඔයා මේ Post එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගත්තානම් හරි ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න පුලුවන්.

Post a Comment

2 Comments

  1. බොහොම ස්තූතියි. අලුත් දෙයක් දැනගත්තා.

    ReplyDelete