Tuesday, October 18, 2016

පානදුර දකුණ පොලීසියේ IGP "සුදු අයියා" හා OIC පු(කු)ජිත ජයසුන්දරට කොකා පෙන්වයි.



පානදුර දකුණ පොලීසිය, ‘‘රෑට දුවන’’ සුදු අයියා නැමති ත‍්‍රීවිල් රියදුරාගේ කීමට, පැය 06 ක් පුරා, මව් කිරි දෙන මවක් කූඩුවේ තබාගෙන වධදුන්න සිද්ධිය මගින් සනාථ කළේ, සාක්ෂි ඉදිරිපත් කළොත් තරාතිරම නොබලා  ඕනෑම පොලිස් නිලධාරියකුට එරෙහිව ක‍්‍රියා කරන බවට, කුරුණෑගල රැස්වීමකදී පොලිස්පති පූජිත ජයසුන්දර කළ ප‍්‍රකාශය අධෝමුඛයෙන් කරන ලද්දක් බව සනාථ කරමින්ය.

ආරවුලකට මැදිව පහර කෑමට ලක්වූ, සුගත් පානදුර දකුණ පොලීසියට පැමිණ, පැමිණිල්ලක් කර රෝහල්ගත විය. පැමිණිල්ල විභාගයට නියම කළ 2016.10.09 වන දිනදීත් සුගත් සිටියේ රෝහලේ ය. එම නිසා පැමිණිල්ලට, බිරිඳ ඉසුරි ඉදිරිපත් විය.

ඉසුරි ප‍්‍රකාශ කරන පරිදි පහර දුන්න බවට පැමිණිල්ලේ සඳහන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක්  පැමිණ සිටි අතර එම පුද්ගලයා සමග පැමිණිල්ලට අදාල නැති ප‍්‍රදේශයේ ‘රෑට ත‍්‍රීෙරෝද රථයක් හයර් කරන සුදු අයියා’ සමග තවත් කිහිප දෙනෙක් පැමිණ සිටි බවය.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඉදිරියේ ඉසුරිට, වචනයක් හෝ කථා කරන්නට ඉඩ නොදී පහරදුන්න පුද්ගලයන් වෙනුවෙන් කරුණු දැක්වූ් ත‍්‍රීරෝද රථ රියදුරු ‘‘සුදු අයියා” නැමැත්තා, සමග ස්ථානාධිපති ඉතා කු`ඵපගව සතුටු සාමීචියේ යෙදෙමින් හැසුරුණු අතර, මුදලක් ලබාගෙන සමාදාන වෙන ලෙසට බලපෑම් කිරිමට ඉඩ දි ඇත.

සමථයට එකඟ නොවූ විට ස්ථානාධිපති ඇයව උඩ තට්ටුවේ සිට පහළට ගෙනවිත් කූඩුවට දම්මවා ඇත. එ් අවස්ථාවේ ඇය අතවූ කිරි බොන අවුරුදු 02 ක් වයසැති දරුවාව, ඇය සමග පැමිණ සිටි 16 හැවරි දියණියට බාරදෙන ලෙසටත්, දරුවාද රැගෙන එළියට වී සිටින ලෙසට වැඩිමහල් දියණියට අණ කොට ඇත. 

දරුවා අඬමින් එලියේ රැඳි සිටින්නට ඉඩ හැර, දහවල් 11.30 සිට සවස 5.00 දක්වා ඇයව කූඩුවේ තබාගෙන ඇත. එ් අතර කුඩුව අසලට පැමිණි ස්ථානාධිපති ”දැන් සනීපද?” යයි ඇයගෙන් අසා ගොස් තිබේ.

විටින් විට කූඩුව අසලට පැමිණි, ”සුදු අයියා” නැමති ‘‘රෑට දුවන’’ රියදුරා, සමාදානයට කැමැති වුනොත් එළියට එන්න පු`ඵවන් බව කියා ඇත. මේ ආකාරයට සවස 5.00 පමණ වන තුරු ඇයව කූඩුවේ තබාගෙන ඇත. ඇයට වතුරවත් ලබාදී නැත. කූඩුව ඇතුළේ තවදුරටත් වධ වේදනා ඉවසා ගන්නට බැරිව සිටින විට, ”සුදු අයියා” නැමති ‘‘රෑට දුවන’’ රියදුරා සවස 5.00 ට කූඩුව ළඟට ඇවිත් සමාදාන වෙන්න කැමැතිදැයි ඇසූ විට ඇය සමාදානයට කැමැත්ත පළ කර ඇත. එවිට ඇයව උඩ තට්ටුවට ගෙන ගොස් ස්ථානාධිපති ලියූ ප‍්‍රකාශයකට අත්සන්ගෙන මුදාහැර තිබේ.

මේ පිළිබඳව ඇය ගේ සැමියා පොලිස්පතිට පැමිණිලි කර ඇත. එහෙත් පොලිස්පති පූ-ජිත ජයසුන්දර කියන පරිදි සාක්ෂි ලබා ගන්න, පෙන්න අසන්නට යායුත්තේ .......... කවරකුගේ මෑනියන් වෙතද යන්න, කිවයුතුව ඇත්තේ ද ඔහුමය. 



No comments:

Post a Comment