තෙවන දිනය නිමාවන විට නව වාර්තා දෙකක්

359

පාසල් ක්‍රීඩකයින් 5000ක සහභාගීත්වයත් සමඟින් ඉකුත් 13 වනදා ආරම්භ වුනු 32 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලෙහි තෙවන දිනය අද (15) ආරම්භ විය. අද දිනය තුලදීත් තීරණාත්මක අවසන් තරග කිහිපක්ම පැවැත්වීමට නියමිතව තිබු හෙයින් අද දිනය පෙර දිනයන්ට වඩා ක්‍රීඩකයින්ට කාර්යබහුල දිනයක් විය. තෙවන දිනයේ ආරම්භය සනිටුහන් කරමින් වයස අවුරුදු 21 පහල බාලක යගුලිය විසි කිරීමේ අවසන් තරගය ආරම්භ විය.

පසුගිය ලිපි: දින දෙකක් අවසානයේ ප්‍රබල බස්නාහිර පළාත් පාසල් පෙරමුණේ

අද දිනයේදී නව වාර්තා දෙකක් බිහි වු අතර එයින් පළමු වාර්තාව වන්නේ වයස අවුරුදු 21න් පහළ බාලිකා රිටි පැනීම ඉසව්වෙන් යාපනය මහජන විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන ජේ. අනීතා, මීටර් 3.17ක් ලෙස පැවති පැරණි වාර්තාව මීටර් 3.30ක උසක් වාර්තා කරමින් බිඳ දැමීමට සමත් වීමයි.

අද දිනයේ බිහි වූ දෙවන වාර්තාව වන්නේ වයස අවුරුදු 15න් පහල මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් මහනුවර බෙරවට්ස් විද්‍යාලයේ ඒ. අනුරාධ ශ්‍රීමාල් විසින් පිහිට වූ වාර්තාවයි. ඔහු විසින් වාර්තා කල කාලය තත්පර 13.6ක්. ඔහු විසින් බිඳ දැමුවේ 2004 වර්ෂයේදී තබා තිබුනු තත්පර 13.73ක වාර්තාවකි.

අද දිනයේ තීරණාත්මක අවසන් මහා තරග රාශියක් පැවැත්වූඅතර එම ඉසව් කිහිපයක ප්‍රතිඵල මෙසේය.

වයස අවුරුදු 17න් පහල බාලක මීටර් 100 කඩුළු මතින් දිවීම

  • රන් පදක්කම:- භාග්‍යා නිල්මිනි (විහාරගල මධ්‍ය මහා විද්‍යාලය)
  • රිදී පදක්කම:- සෙනුරි අනුත්තරා (පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- නෙලින්දි නිමෙත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය)

වයස අවුරුදු 17න් පහල බාලිකා මීටර් 100 කඩුළු මතින් දිවීම

  • රන් පදක්කම:- එම්. ඩී. කුමාරසිංහ (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
  • රිදී පදක්කම:-  ඩී. කෞශල්‍යා (නාවලපිටිය ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- එන්. සමරසිංහ (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)

වයස අවුරුදු 19න් පහල බාලිකා මීටර් 100 කඩුළු මතින් දිවීම

  • රන් පදක්කම:- අයි. අබේරත්න (කෑගල්ල සාන්ත ජෝෂප් විද්‍යාලය)
  • රිදී පදක්කම:- ආර්. ගුණතිලක (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- ටී. තින්තිරිමාලගේ (කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහල බාලිකා මීටර් 100 කඩුළු මතින් දිවීම

  • රන් පදක්කම:- කලණි ගයත්‍රි (වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය)
  • රිදී පදක්කම:- ශානිකා දිල්රැක්ෂි (තුඩැල්ල මාරියා කන්‍යාරාමය)
  • ලෝකඩ පදක්කම:- ජේ. අනිතා (යාපනය මහජන විද්‍යාලය)

වයස අවුරුදු 15න් පහල බාලක මීටර් 100 කඩුළු මතින් දිවීම

  • රන් පදක්කම:- අනුරාධ ශ්‍රීමාල් (මහනුවර බෙරවට්ස් විද්‍යාලය)
  • රිදී පදක්කම:- ප්‍රභාත් කුමාර (ඇඹිලිපිටිය කුලරත්න මධ්‍ය විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- හරිදු කසුන්ත (කඩවත ජනාධිපති විද්‍යාලය)

වයස අවුරුදු 17න් පහල බාලක තුන් පිමිම

  • රන් පදක්කම:- චමෝද් පුෂ්පකුමාර (මාතර රාහුල විද්‍යාලය)
  • රිදී පදක්කම:- කවිදු උදයන්ත (කොළඹ සාන්ත ජෝෂප් විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- ශෙහාන් ධනංජය (මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය)

වයස අවුරුදු 15න් පහල බාලක හෙල්ල විසිකිරීම

  • රන් පදක්කම:- කේ. ප්‍රනාන්දු (පුත්තලම සාන්ත මරියා විද්‍යාලය)
  • රිදී පදක්කම:- අයි. ජයරත්න (ඉදුල්ගොඩකන්ද ශ්‍රී නිස්සංක විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- දසින්දු දිල්ෂාන් (හුනුමුල්ල කන්නංගර විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහල බාලිකා රිටි පැනීම

  • රන් පදක්කම:- ජේ. අනිතා (යාපනය මහජන විද්‍යාලය)
  • රිදී පදක්කම:- ජේ. සුකිර්තා (පලායි මධ්‍ය මහා විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- කේ. ධර්මරත්න (වලල ඒ.රත්නායක විද්‍යාලය)

වයස අවුරුදු 19න් පහල බාලිකා යගුලිය විසිකිරීම

  • රන් පදක්කම:- සී. රසාංගනී (බිබිල මධ්‍ය මහා විද්‍යාලය)
  • රිදී පදක්කම:- එච්. සෙව්වන්දි (ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- බී. තෙන්නකෝන් (රන්පත්විල මධ්‍ය විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහල බාලිකා මීටර් 1500 දිවීම

රන් පදක්කම:- පී. අබේසිංහ (වලල ඒ.රත්නායක විද්‍යාලය)
රිදී පදක්කම:- අයි. බෝපිටිය (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
ලෝකඩ පදක්කම:- ඒ. කුමාරි (වලල ඒ. රත්නායක විද්‍යාලය)

හෙට (16) තරගාවලියේ සිව්වන දිනය යි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට