Friday, October 14, 2016

පොලිස් වධකයෝ රු:- ලක්ෂ 1 1/2, දෙන බවට පොරොන්දුවී, රු:-75000ක් දි සමථයකට අත්සන් ගෙන.



උ.පො.ප. වික‍්‍රමාරච්චි, පො.සැ. 53070 සේනාධීර, පො.කො.1090 රූපසිංහ, පො.කො. 94903 ඉසුරු හා පො.කො. 80660 මධුරංග, මානව හමිකම් කොමිසම් සභාවේ විමර්ශණය වන අංක :- HRC/ 1600/16/ i -25 වු පැමිණිල්ලේ වගඋත්තර කරුවන්ය. පැමිණිලිකාරිය වස්කඩුවේ අනෝෂා ප‍්‍රියංගි ද සිල්වාට හා වධහිංසාවට පත්වු ඇගේ සොහොයුරා විදුරංදගය. මෙම දෙදෙනාට, ඉහත නිලධාරින් අයුතු බලපෑම් කිරිමට පටන්ගන්නා ලද්දේ, විමර්ශණය ආරම්භයේ සිටමය. එ් මුදලක් අරගෙන පැමිණිල්ල සමථ කර ගත් බවට දිව්රුම් ප‍්‍රකාශයක් ලබදෙන ලෙසට ඉල්ලමින්ය.                  

රු:5000/- සිට රු:- ලක්ෂ 1 1/2, දක්වා සමථ මදල වැඩි කිරිමට වගඋත්තර කරුවන් පියවර ගත්තහ. එම මුදලට වධහිංසාවට පත්වු, විදුරංග එකඟ විය. එ් අනුව, පොරොන්දුවෙන් 1/2 ක්, රු:- 75000/- ක් ලබා ගෙන සමථවිමට එකඟත්වය පළකරන ලියවිල්ලකට නිතිඥයකු ඉදිරිපිට අත්සන් ගත් බව ට සොහොයුරිය චෝදනා කර සිටි.

මෙම කරුණ සම්බන්ධයෙන් ජනසංදය මානව හිමිකම් කොමිසම් සභාවට දන්වා සිටියේ වධහිංසාව සමාදාන කළ නොහැකි අපරාධයක් බවයි. වින්දිතයා, වගඋත්තරකරුවන්ගේ බලපෑම්වලට යටත්ව විමර්ශනයෙන් ඉවත් වුවද, වධහිංසා පැමිණවීමේ, චොදනා වට අදාල විමර්ශන නතර නොකළ යුතුය.  සමථ නොකළ යුතුය. එ් අදාල නීතිමය තත්ත්වය පැහැදිළි කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ අංක ීක්‍රැු්චචකසජ්එසදබ 270රැු93 නඩුවේ තීන්දුව කොමිසම් සභාවට ඉදිරිපත් කිරිමටද පියවර ගෙන තිබේ. එමෙන්ම, පෙත්සම්කාරිය හා වින්දිතයා විශාල මුදලක්ට, අල්ලසකට, යටපත් කිරීමට පොලීසිය දරන උත්සාහයට ඉඩ නොතබන ලෙසට ජනසංසදය වැඩි දුරටත් ඉල්ලා සිටි.   

මෙම පොලිස් අපරාධකරුවන් ගේ උත්සහය, වින්දිතයින්ට අල්ලස් දි හෝ පැමිණිලි ඉල්ලා අස්කරවාගෙන, එ් මගින් තමන් අපරාධකරුවන් නොවන බවට හුවා දකවා උසස්විම් ලබා ගැනීමටය. මෙම දුෂිත තත්වය තුරන් කිරිම, පොලිස් කොමිසමේද වගකීමකි.





No comments:

Post a Comment