කොදෙව් මතකයන් නොමැකෙන දිනක්

352
Sri Lanka A vs West Indies A

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය අද (14) අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 333ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාගංනයේදි පැවැත්විනි.

පසුගිය ලිපි:ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තැනකට

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා දෙවන ඉණිම කඩුලු 2ක් දැවී ලකුණු තත්ත්වය 36ක් ලෙස සටහන් වී තිබුනු අතර අද දිනයේදී අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු ලකුණ ලබා ගැනීමටත් පෙර දවාලීමට සමත් වූ කොදෙව්වන්, පළමු කඩුලු 7 ලකුණු 77ක් තුල දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තව ඉණිමක් දියත් කලත් ජයග්‍රහණය අපහසු වන මට්ටමකට ගෙන ඒමට ඔවුන් සමත් විය.

ජෙෆ්රි වැන්ඩර්සේ තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් 4 පහර 6ක් හා 6 පහර 3ක් එල්ල කරමින් පරාජයේ ප්‍රබලත්වය තරමක් හෝ අඩු කිරීමට සමත් විය. ඔහුට සහය දෙමින් චරිත් අසලංක 4 පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබාගන්නා ලදි. ඔවුන් දෙදෙනා එක්ව 8වන කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය දෙවන වූයේ 10 වන කඩුල්ල සඳහා ජෙෆ්රි වැන්ඩර්සේගේ ප්‍රමුඛත්වය ඇතිව ගොඩනැංවූ ලකුණු 31ක සබඳතාවයට පමණි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන් ලබා දුන් දැවැන්ත ලකුණු 333ක් සමඟින් දෙවන තරඟය අවසන් විය. ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට කොදෙව්වන් සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 147/10 (48.2): ජෙෆ්රි වැන්ඩසේ 47, චරිත් අසලංක 34, අවිශ්ක ප්‍රනාන්දු 18

 තරගයේ සම්පූර්ණ ලකුණු සාරාංශය 

කොදෙව් A පළමු ඉණිම – 509/9 dec (137.4): විශාල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රජේන්ද්‍ර චන්ද්‍රික 84, ශිම්රන් හේට්මයර් 48, චරිත් අසලංක 4/104, දිමුත් කරුණාරත්න 1/6

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 245/10 (72.5): නිරෝෂන් දික්වැල්ල 88, දිමුත් කරුණාරත්න 68, සම්පත් ගුණරත්න 46, රහකීම් කෝන්වල් 6/91

කොදෙව් A දෙවන ඉණිම  – 216/03 dec (41) : රජේන්ද්‍ර චන්ද්‍රික 68, ජමාර් හැමිල්ටන් 56*, ශම්රා බෲක්ස් 53*,  චරිත් අසලංක 1/63

දෙරට අතර මීලඟ තරඟය ලබන 18 වනදා රංගිරි දඹුලු ක්‍රීඩාගංනයේදි ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට